සිංගප්පූරු ප්‍රජාවගෙන් වෛද්‍ය උපකරණ තොගයක්

0
290

ඔක්සිජන් සාන්ද්‍රක යන්ත්‍ර 250ක් ඇතුළත් ‘කොවිඩ්-19’ ආශ්‍රිත වෛද්‍ය උපකරණ තොගයක් හෙන්රි බේයි මහතා සහ සිංගප්පූරු හිතවතුන් පිරිසකගෙන් පරිත්‍යාග වශයෙන් ලැබී තිබෙනවා.

සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සිංගප්පූරුවේ මහා කරුණා බෞද්ධ සංගමයේ ආගමික උපදේශක පූජ්‍යපාද (ආචාර්ය) කේ. ගුණරතන ස්වාමීන් වහන්සේගේ සහයෝගය ඇතිව මෙම ප්‍රදානය සිදු කර ඇති බව සඳහන්.

එමෙන්ම, රකුවෙල් රූහි තකහෂි මහත්මිය විසින් පරිත්‍යාග කරන ලද ඔක්සිජන් සාන්ද්‍රක යන්ත්‍ර 20ක් ද ඒ අතර වනවා.

සිංගප්පූරුවෙන් ලැබුණු මෙම පරිත්‍යාගය කොළඹ විදේශ අමාත්‍යංශයේ පැවැති උත්සවයක දී සිංගප්පූරුවේ ශ්‍රී ලංකා නිර්වේතනික කොන්සල් ජනරාල් ජයන්ත ධර්මදාස මහතා විසින් විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා වෙත මෙම උපකරණ තොගය නිල වශයෙන් භාර දෙන ලදි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here