Monday, September 23, 2024

සිංගල් කැබ් කොටස් ඩබල් කැබ් වෙලා-

මධ්‍යම සංස්කෘතික අරමුදලට 2013 වසරේ ගෙනා සිංගල් කැබ් රථ 10 ක අමතර කොටස් වෙනස් කර ඩබල් කැබ් රථ බවට පරිවර්තනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සිදුකළ පරීක්ෂණයකින් පසුව එම අරමුදලේ ප්‍රවාහන නිලධාරියාගේ වැඩ තහනම් කර තිබේ.
ටෙන්ඩර් කැඳවීමකින් තොරව ගෙන්වා තිබෙන මෙම කැබ් රථවල ස්වභාවය වෙනස් කිරීම නිසා රජයට රුපියල් 9,164,000 ක මුදලක් පාඩු වී තිබෙන බවද වාර්තා වෙයි.

විදේශ රටවලින් ගෙන්වා තිබෙන සිංගල් කැබ් රථ පෞද්ගලික ව්‍යාපාරික ස්ථානයකට ගෙන ගොස් කොටස් වෙනස් කර ඩබල් කැබ් බවට පරිවර්තනය කර තිබේ.මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවට නොදන්වා මෙම කැබ් රථ භාවිත කිරීම සම්බන්ධයෙන්ද අමාත්‍යාංශ මට්ටමෙන් පරීක්ෂණයක් අරඹා ඇතැයි වාර්තා වේ.

ඒ අනුව මධ්‍යම සංස්කෘතික අරමුදලේ යාන්ත්‍රික ඉංජිනේරුවරයාට, හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයාට සහ ගණකාධිකාරීවරියටද මේ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ. මෙම කැබ් රථ 10 ශ්‍රී ලංකාවට ගෙන්වා ඇත්තේ 2013 වසරේ ජූලි මස 13 වැනිදාය.

 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles