ස්පාඤ්ඤයේ බාර්සිලොනා සත්වෝද්‍යානයේ සිංහයින් සිව් දෙනෙකුට කොවිඩ් -19 වැළඳී තිබේ. එය එවැනි සිදුවීමක් වාර්තා දෙවැනි අවස්ථාව වේ.
එහි සිටින සිංහ ධේනුවන් තිදෙනෙක් ද ඒ අතර වෙයි.
සත්වෝද්‍යාන සේවකයින් එම සතුන් අසනීප ගතියකින් සිටින අයුරු දැක කළ පරීක්ෂණයකින් ආසාදිත බව තහවුරු වී තිබේ.
එම සත්වෝද්‍යානයේ සේවකයින් දෙදෙනෙක් ද කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගැනිනි.
මීට පෙර අමෙරිකාවේ නිව් යෝර්ක් නගරයේ බ්‍රොන්ක්ස් සත්වෝද්‍යානයේ කොටි සිව් දෙනෙක්ට සහ සිංහයින් තිදෙනෙක්ට කොවිඩ් වැළඳී තිබුණි.
ඒ, පසුගිය අප්‍රේල් මාසයේ ය.