සිංහයා කවදාවත් තණකොළ කන්නේ නැති බව කවුරු කවුරුත් දැනගන්න ඕනේ – මුරැත්තෙටිටුවෙි හිමියෝ කියති

0
310

මොන ප්‍රශ්න බාධක ආවත් කුසගින්නේ  හිටියත් සිංහයන් තණකොළ නොබුදින බව කවුරු කවුරුත් මතක තබා ගත යුතු යැයි  කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති, නාරාහෙන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියෝ  පැවසූහ.

උන්වහන්සේ මෙසේ පැවසුවේ කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයේදී ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් ආනන්ද හිමියන්  අතින් උපාධි සහතිකය ලබා ගැනීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන්
අප කළ විමසුමකදීය.

තමන් වහන්සේ  අතින් උපාධි සහතිකය   බාර ගැනීම හෝ  ප්‍රතික්ෂේප කිරීම ඒ දරුවන්ට ඇති අයිතියක් හෙයින් ඒ ගැන අහිතක් නැතැයිද  ආනන්ද හිමියෝ සඳහන් කළහ.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත්  අදහස් දැක්වීමට බලාපොරොත්තු නොවන බවද උන්වහන්සේ කීහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here