සිංහරාජයට ගිය කාන්තාවන් දෙදෙනෙකු අතුරුදන්

0
310

සිංහරාජ වනාන්තරයේ කාන්තාවන් දෙදෙනෙක් අතුරුන්වී ඇති බව පොලීසිය පවසයි.

පොලීසිය පැවසුවේ “අලුත් ඉල්ලම” ප්‍රදේශයේ දී එනසාල් කැඩීමට ගිය කාන්තාවන් දෙදෙනෙකු එසේ අතුරුදන්ව ඇති බවය. 

මෙලෙස අතුරුදන්ව ඇත්තේ වයස අවුරුදු 39 සහ 40 හැවිරිදි ඉත්තෑකන්ද දෙබරන් සයිඩ් ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවන් දෙදෙනෙකු බව පොලීසිය සඳහන් කළේය.  

පසුගිය 12 වනදා සිට මෙම කාන්තාවන් දෙදෙනා අතුරුදන්ව ඇති බව වාර්තා විය.

අතුරුදන්වූ කාන්තාවන් සම්බන්ධයෙන් මේ දක්වාත් කිසිදු තොරතුරක් වාර්තා වී නොමැති බව පොලීසිය පැවසීය.

යුද හමුදා සහ විශේෂ කාර්ය බළකා නිලධාරීන් ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව අතුරුදන්වූ කාන්තාවන් සෙවීමේ කටයුතුවල නිරතව සිටින බව වාර්තා වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here