Wednesday, October 30, 2024

සිංහලයාට අසාධාරණයක් නම් මුලින්ම බහින්නේ මම

සිංහලකම, බෞද්ධකමට අසාධාරණයක් වෙනවා නම්, ඊට විරුද්ධව පාරට බහින පළමු පුද්ගලයා තමන් යැයි ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පැවැසීය. කළුතර මතුගමදී 12 වැනි වරට සංවිධානය කළ නීතිමය ‍ලේඛන ලබාදීමේ ජංගම සේවයට ඉකුත්දා සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පැවැසීය.
ආණ්ඩුව තුළ සිටින සමහර අය ජාතිවාදය අවුස්සන්න කටයුතු කළත් එයට කිසිවිටකත් ඉඩ නොදෙන බවද අමාත්‍යවරයා පැවැසීය. එමෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු ජාතිවාදයෙන් මත් වී සිටින නිසා ජාතිවාදය පදනම් කරගෙන රටේ කෝලහාල කරමින් රට විනාශ කරන්න උත්සහ කරන බවත් අමාත්‍ය මණ්ඩලයේ සමහර අයත් මේවට උඩගෙඩි දෙන බවත් පැවැසීය.
එමෙන්ම සිංහලකම, බෞද්ධකමට අසාධාරණයක් වෙන අවස්ථාවේදී අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා තම මතය ප්‍රකාශ කිරීමේදී ජාතිවාදයා ලෙස නොයෙක් අය ප්‍රකාශ කරන බවට පැවසුවද එම අමාත්‍යවරයත් ව්‍යවස්ථා මණ්ඩලයේ සිටින නිසා පැමිණිල්ලක් කිරීමේ හැකියාව ඔහුට ඇති බවත් ඒ මහතා පැවැසීය. එසේ පැමිණිල්ලක් සිදුකළා නම් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කිරීමට අවස්ථාව තිබුණු බවත් ඒ මහතා පැවැසීය.
එමෙන්ම රටේ ජනතාවට අසාධාරණයක් කර ජාතික ප්‍රශ්න විසඳිය නොහැකි බවත් දේශපාලන බලයට ඇති වුවමනාව නිසා අහිංසක මිනිසුන් ඇවිස්සීමෙන් වැලැකී සිටින ලෙසත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles