සිංහල අවුරුද්දට ඇති වෙන්න හයිලන්ඩ් කිරිපිටි !

0
402

දේශීය වෙළෙඳපොළේ පවතින දැඩි කිරිපිටි හිඟයට පිළියමක් ලෙස අප්‍රේල් මස මුල සිට සියලුම පළාත්වලට හිඟයකින් තොරව හයිලන්ඩ් කිරිපිටි නිෂ්පාදනය කර. බෙදා හැරීමට මිල්කෝ ආයතනය පියවර ගෙන ඇතැයි පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රිත රාජ්‍ය ඇමැති ඩී.බී. හේරත් පැවැසීය.

පසුගිය කාලසීමාව තුළදී වැඩි වශයෙන් දියර කිරි නිෂ්පාදනය සඳහා ප්‍රමුඛස්ථානය ලබාදුන් බැවින් වෙළෙඳපොළේ කිරි පිටි හිඟයක් පැවැතිණි.

එම හේතුවෙන් පවතින කිරි පිටි හිඟය මඟහරවා ගැනීම සඳහා මෙම පියවර ගෙන තිබේ.

එළැඹෙන අප්‍රේල් මස සිට අඛණ්ඩව දියර කිරි හා කිරිපිටි නිෂ්පාදනය කර වෙළෙඳපොළට බෙදා හරින ලෙස මිල්කෝ සමාගමේ සභාපති රේණුක පෙරේරාට උපදෙස් දුන් බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවැසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here