Monday, January 13, 2025

සිකුරාදා සිට අවුරුදු 12-15 අතර ළමුන් එන්නත්කරණය ඇරඹේ

වයස අවුරුදු 12-15 අතර කාණ්ඩයේ මෙරට ළමුන් සඳහා වන එන්නත්කරණය එළැඹෙන සිකුරාදා (07) ආරම්භ කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍ය කෙ‍ෙහලිය රඹුක්වැල්ල මහතා පවසයි.

මෙයට පෙර වයස අවුරුදු 15-19 අතර ළමුන් සදහා වන එන්නත්කරණය සිදු කෙරිණි. එයට අමතරව වයස අවුරුදු 12-15 දක්වා විවිධ සංකූලතා සහිත ළමුන් සදහා එන්නත්කරණයද මෙයට පෙර සිදු කල අතර, 30,000 ක පමණ ළමුන් පිරිසක් එ් තුල එන්නත්කරණයට ලක් කෙරුණි.

වයස අවුරුදු 12 ට වැඩි දරුවන් සදහා වන එන්නත්කරණයේ දී මේ වන විට එක් එන්නතක් පමණක් ලබාදීමට සෞඛ්‍ය අංශ නිර්දේශ කර තිබේ. එමෙන්ම පාසැල් ළමුන්ගේ එන්නත්කරණයට සමගාමීව මෙතෙක් බූස්ටර් එන්නත නොගත් පාසැල් ගුරුවරුනටද එම ස්ථානයන්හිදී එන්නත් ලබාගැනීමේ හැකියාව ඇතැයි අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

අනධ්‍යයන කාර්ය මණ්ඩල සහ පාසල් ළමුන් ප්‍රවාහනයේ නියැළෙන්නෙන් ඇතුළු පිරිස් සදහා ද මෙයට සමගාමීව බූස්ටර් එන්නත ලබාගැනීමේ හැකියාව ඇති බවත්, ඒ තුළ කොවිඩ් ව්‍යසනයේ දී දරුවන්ගේ සුරක්ෂිතතාව තහවුරු කිරීමට උපරිම පියවර ගැනෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.

රට නව සාමාන්‍යකරණයට ලක්වීමත් සමග එළැබෙන සදුදා (10) සිට පාසැල් ද සාමාන්‍ය තත්ත්වයෙන් පවත්වාගෙන යමින් සියළුම සිසුන් එකවර පාසල් කරා පැමිණීමට අදාළ මාර්ගෝපදේශ නිකුත් කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

මෙයට පෙර කොටස් වශයෙන් පාසල් කරා ළමුන් පැමිණි අතර ඒ අනුව එළැඹෙන සදුදා සිට සාමාන්‍ය පරිදි ළමුන්ගේ පැමිණීම සිදුවනු ඇත.

අද (05) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles