Monday, January 20, 2025

සිද්ධාර්ථ කුමරුගේ චරිතය රගපෑ ගගන් මල්ක් පැවිදි දිවියට

ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටය හරහා සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේ ගෞරවයට පාත්‍ර වූ ඉන්දීය සුපිරි සිනමා නළු ගගන් මලික් පැවිදි දිවියට ඇතුළත් වූ බවට මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ පුවත් හුවමාරු වෙමින් පවතී.

ඒ අනුව ඔහු බ්‍රහස්පතින්දා බැංකොක් නුවර විහාරස්ථානයකදී පැවිදි දිවියට ඇතුළත් වී තිබේ.

බැංකොක් හි Royal Monastery නමින් හැඳින්වෙන විහාරයකදී ඔහු මෙලෙස පැවිදි දිවියට ඇතුළත්ව ඇත්තේ කෙටිකාලීනවය.

පසුගිය දිනක ඔහු මෙලෙස හිස මුඩු කර කසාවත් පැළඳ චාරිත්‍රානුකූලව පැවිදි දිවියට ඇතුළත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ ආසියාව පුරා අතිශය ජනප්‍රිය වූ ගගන් මලික් දින 15 කාලයක් සඳහා මෙලෙස පැවිදි දිවියට ඇතුළත්ව සිටිනු ඇති බවය.

ගගන් මලික් වරක් පෞද්ගලික නාලිකාවක සිය හැඟීම් හෙළි කළේ “ශ්‍රී සිද්ධාර්ථ ගෞතම කතාවේ සිද්ධාර්ථ කුමරුගේ චරිතය රඟපෑම ඔහුගේ ජීවිතය සහ ආකල්පය මුළුමනින්ම වෙනස් කළ බවටයි.

මෙමගින් බොහෝ සුබවාදී ව්‍යාපෘති රැසක් ආරම්භ වී ඇති අතර, තායිලන්තයේ සහ ලොව පුරා සිටින බෞද්ධයන් සඳහා ට්‍රයි රත්තනපුම් සමාජය සමඟ තවත් ව්‍යාපෘති සහ ක්‍රියාකාරකම් රැසක් ඔහු විසින් දියත් කරනු ලබයි.

මෙය ධර්මය ඉගෙන ගැනීමට,  අනිත්‍ය තේරුම් ගැනීමට, දැනුම ලබා ගැනීමට කාලය බවත් ඉන්දියාව තුළ ධර්මය පැතිරවිය යුතු කාලය බවත් ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් යොදමින් ප්‍රකාශ කර තිබේ.

ගගන් මලික් යනු ශ්‍රී ලංකාවේ මෙන්ම ඉන්දියාවේ ජනප්‍රියතම නළුවෙකි. ඔහුට තායිලන්තය ඇතුළු බොහෝ ආසියාතික රටවල ද රසික රසිකාවියන් සිටී.

මලික්ගේ වඩාත් ප්‍රසිද්ධ චරිතයක් වූයේ 2013 වසරේ දී බුදුරජාණන් වහන්සේගේ ජීවිතය නිරූපණය කළ ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයේ සිද්ධාර්ථ කුමරු ලෙස චරිත නිරූපණය වේ. චිත්‍රපට හඬපටය තායි ඇතුළු භාෂා කිහිපයකින් හඬ කැවුනු අතර 2014 වසරේ හැනොයි හි පැවති එක්සත් ජාතීන්ගේ වෙසක් බෞද්ධ චිත්‍රපට උළෙලේ හොඳම නළුවා සහ හොඳම චිත්‍රපටය ඇතුළු සම්මාන කිහිපයක් දිනා ගත්තේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles