Sunday, December 29, 2024

සිනී කිලෝවක වියදම රුපියල් 217ක් වෙයි

හිගුරානේ පිහිටි සීමාසහිත ගල්ඔය සීනි සමාගම විසින් ඉකුත් වර්ෂයේ (2020) සීනි කිලෝවක් නිෂ්පාදනය කිරිම සදහා රුපියල් 216.72ක වියදමක් දරා ඇති බවට ශ්‍රි ලංකා මහබැංකුව පවසනවා.

2019 වර්ෂයේ දී මෙම සිනි සමාගම විසින් සිනි කිලෝවක් නිෂ්පාදනය කිරිම සදහා රුපියල් 221.22ක වියදමක් දරා තිබෙනවා.

එමෙන්ම  සීමාසහිත ලංකා සීනි පුද්ගලික සමාගමේ පැලවත්ත ඒකකය මඟින් සීනි කිලෝවක් නිෂ්පාදනය කිරිම සදහා රුපියල් 179.05ක වියදමක් දරා ඇති බවයි වාර්තා වන්නේ.

2020 වර්ෂයේ දී සෙවනගල, පැල්වත්ත, ගල්ඔය යන සීනි සමාගම විසින් සීනි මෙට්‍රික්ටොන් 59 869ක් නිෂ්පාදනය කර තිබෙනවා.

සෙවනගල ඒකකය මඟිව් සීනි මෙට්‍රික්ටොන් 16, 114ක්, පැලවත්ත ඒකකය මඟින් සිනි මෙට්‍රික්ටොන් 23,582ක්, ගල්ඔය සීනි සමාගම විසින් සීනි මෙට්‍රික්ටොන් 20,173ක් නිෂ්පාදනය කර ඇති බවත් සඳහන්.

කෙසේ වුවත් ඉකුත් වර්ෂයේ දී සිනි මෙට්‍රික්ටොන් දහස් 683ක් ආනයනය කොට ඇති අතර ඒ සදහා රුපියල් මිලියන 51,146ක් වැය වී ඇති බවද ශ්‍රි ලංකා මහ බැංකුව පවසා සිටියි.

ඉකුත් වර්ෂයේ දී මෙරට එකපුද්ගල සීනි පාරිභෝජනය කිලෝග්‍රැම්  33.87ක් බවට වාර්තා අතර සඳහන් වෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles