Saturday, September 21, 2024

සිමෙන්ති ආනයනය කරනවා

ඉදිරි සති 3 ඇතුළත වෙළදපොළට අවශ්‍ය සිමෙන්ති ආනයනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවට ආනයනකරුවන් ප්‍රකාශ කළ බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා.

සිමෙන්ති ආනයනකරුවන් සමග ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

දැනට රට තුළ පවතින ඩොලර් හිඟය හේතුවෙන් සිමෙන්ති ආනයනික සමාගම්වලට බැංකුවලින් ණයවර ලිපි නිකුත් කර ගැනීමේ අපහසුතාව සිමෙන්ති හිඟයට හේතු වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙරට සිමෙන්ති ඉල්ලුමෙන් සියයට 60ක් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන අතර ඉතිරි සියයට 40 ආනයනය කෙරෙනවා.

දැනට සිමෙන්ති ආනයනය කරන සමාගම්වලට මසකට මෙට්‍රික් ටොන් 10,000ක පමණ අතිරේක තොග ආනයනය කිරීමට හැකි වුවහොත් මෙම සිමෙන්ති හිඟය මග හැරෙනු ඇති.

දේශීය සිමෙන්ති නිෂ්පාදනය මසකට මෙටි්‍රක් ටොන් 150,000ක් ඉක්මවනවා.

මහා පරිමාණ ඉදිකිරීම් සමාගම් සහ පුද්ගලයින් සිමෙන්ති එක්රැස් කිරීමට පටන් ගැනීම හේතුවෙන් ද මෙම හිඟය තවත් වැඩි වී ඇති බවයි වාර්තා වන්නේ.

රජය සිමෙන්ති පාලන මිල පසුගිය දා ඉවත් කිරීමත් සමඟ කිලෝ 50ක සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 93කින් ඉහළ දමනු ලැබුවා.

කෙසේ වෙතත් එම මිල ගණන් ද ඉක්මවමින් මේ වන විට වෙළෙඳුන් සිමෙන්ති කොට්ටයක් රුපියල් 1400ක් වැනි ඉහළ මිලකට අලෙවි කරන බවයි ව්‍යාපාරිකයන් සඳහන් කළේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles