සිමෙන්ති මිලත් රැපියල් 177 කින් ඉහලට නව මිල 1275 /-

0
283

සිමෙන්ති සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමත් සමග රුපියල් 177 කින් මිල ඉහළ දැමීමට සිමෙන්ති සමාගම් තීරණය කර තිබෙනවා.

ඒ අනුව කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක නව මිල රුපියල් 1275 කි.ඒ අනුව සියලුම සමාගම් මිට සමගාමිව මිල ඉහල දමන බවයි පැවසෙන්නේ.

මීට සති කිහිපයකට ඉහළදී රුපියල් 93 කින් මිල ඉහළ ගිය අතර එම මිල ඉහළ දැමීම ප්‍රමාණවත් නොවන බව පවසමින් වෙළඳපොලට සිමෙන්ති නිකුත් කිරීමද සීමා කර තිබිණි. රජය සිමෙන්ති මිළ පාලනයෙන් ඉවත් වීමත් සමග සිමෙන්ති සමාගම් මේ ආකාරයෙන් නව මිළ තීරණය කර ඇත.

පසුගිය ඔක්තෝම්බර් මස මුලදී සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 93කින් ඉහළ දැමුනු අතර ඒ අනුව එහි මිල පැවතියේ රුපියල් 1093ක් ලෙසටයි.

දින 30ක් ඇතුලත සිමෙන්ති මිල ඉහළ නැංවූ දෙවන අවස්ථාව මෙයයි.

සමහර සිමෙන්ති සමාගම් සිමෙන්ති කොට්ටයක් රුපියල් 1375 කට මිල ඉහල දමා තිබුණත් පසුව ඔවුන් සිමෙන්ති කොට්ටයක් රුපියල් 1275 ට විකිණීමට එකඟ වී ඇතැයි පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.

මෙම මිල වැඩිකිරීමට පෙර සිමෙන්ති ආනයනකරුවන් හා මුදල් අමාත්‍යංශය අතර සාකච්ඡාවක් පැවති අතර, එහිදී ආනයනකරුවන් සිටියේ වෙළෙඳපොළේ දැනට පවතින සිමෙන්ති හිඟය මාසයකින් පමණ සමනය වනු ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here