Sunday, January 12, 2025

සිමෙන්ති මිල අහසට

රට තුළ සිමෙන්ති මිල තවදුරටත් ඉහළ යනු ඇතැයි සිමෙන්ති ආනයනකරුවන් සඳහන් කරති.

සිමෙන්ති මිල ලෝක වෙළඳපොලේ තවදුරටත් ඉහළ යමින් පැවතීම නිසා ආනයනය පිරිවැය ඉහළ යාමෙන් මෙම තත්ත්වය ඇති වී තිබෙන බව ඔවුන් පෙන්වා දෙති.

දැනට ආනයනය සිමෙන්ති කොට්ටයක් පිරිවැය පමණක් රුපියල් 1300 ඉක්මවන බව ද ඉදිරියේ දී මිල තවදුරටත් ඉහළ යා හැකි බවත් ඔවුන් කියා සිටිති.

පසුගියදා රජය සිමෙන්ති පාලනය ඉවත් කිරීමත් සමග සමාගම් විසින් සිමෙන්ති කොට්ටයක නව මිල ලෙස රුපියල් 1090 ලෙස ප්‍රකාශයට පත් කළේය.

නමුත් පවතින තත්ත්වය මත තවදුරටත් එම මිල සීමාව 1300 ඉක්මවා යනු ඇති බවද ආනයනකරුවන් පවසති.

මේ අනුව ඉදිකිරීම් කර්මාන්තයේ පිරිවැය විශාල වශයෙන් ඉහළ යාමට නියමිතව තිබේ.

දැනටමත් සිමෙන්ති හිගය මත ඉදිකිරීම් කර්මාන්තය දැඩි ලෙස අඩාල වී ඇත.

රජය විසින් පසුගියදා සිමෙන්ති පාලන මිල ඉවත්කිරීමත් සමඟ සිමෙන්ති කිලෝ 50 කොට්ටයක් රැපියල් 93 කින් ඉහළ දැමීමත් සමඟ සිමෙන්ති කොට්ටයක නව මිල රැපියල් 1,098 ක් වුණා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles