සිමෙන්ති හා තිරිඟු පිටිවලටත් හොඳ ඉහළ මිලක්

0
353

අද උදෑසන සිට ක්‍රියාත්මකවන පරිදි තිරිඟු පිටි කිලෝ ග්‍රෑමයක් රුපියල් 10කින් ඉහළ දැමීමට තීරණය කළ බව සෙරන්ඩිබ් සමාගම පවසනවා.

මේ අතර සිමෙන්ති කිලෝ 50 ක කොට්ටයක මිල රුපියල් 93 කින් ඉහළ දැමීමට තීරණය කර ඇති බව සංස්ථා සිමෙන්ති සමාගම සඳහන් කළා.

ඒ අනුව සිමෙන්ති කොට්ටයක නව මිල වන්නේ රුපියල් 1,098 ක්. මීට පෙර සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1,005 ක් ලෙස පැවතියා.

ඊයේ(10) දිනයේදී ගෑස් මිලත් අධික ලෙස ඉහළ දැමීමට ගෑස් සමාගම් කටයුතු කළ අතර කිරිපිටි මිලත් පසුගියදා ඉහළ දමනු ලැබුවා.

කිරිපිටි, තිරිඟුපිටි, ගෑස් සහ සිමෙන්ති යන අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා පැවැති පාලන මිල පසුගියදා රජය විසින් ඉවත් කරනු ලැබීය.

ඒත් සමඟ නිෂ්පාදන පිරිවැයට සාපෙක්ෂව නව මිල ගණන් ප්‍රකාශයට පත් කිරීහට අදාළ සමාගම් මෙලෙස කටයුතු කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here