Sunday, September 22, 2024

සිමෙන්ති හිඟය තවදුරටත්

ආනයනික තොග වෙළෙඳපොළට නිකුත් නොකිරීමෙන් ඇතිවන හිඟය හරහා සිමෙන්ති මිල ඉහළ දැමීමේ මාෆියාවක් ක්‍රියාත්මක වන බවට ඉදිකිරීම් කර්මාන්තකරුවන්ගේ සංගමය පවසනවා.

මේ වනවිට මෙට්‍රික් ටොන් මිලියන 3ක පමණ සිමෙන්ති හිඟයක් වෙළෙඳපොළේ පවතින බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ඒ අනුව මිල ඉහළයෑම රජය විසින් පාලනය කිරීමට නොහැකි තත්ත්වයක් ඇති වී ඇති බව ඉදිකිරීම් කර්මාන්තකරුවන්ගේ සංගමයේ, සභාපති, සුසන්ත ලියනාරච්චි මහතා සඳහන් කරයි.

ඉදිකිරීම් කර්මාන්තකරුවන්ගේ සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි මහතා වැඩි දුරටත් මෙසේද කීය.

‘‘ඩොලර් යම් ආකාරයක හිඟයක් තිබෙන අතර, ඉකුත් සතියේ මෙට්‍රික් ටොන් 22,000ක් හා 9,200ක නැව් දෙකක් පැමිණියා. මේවා මුදල් ගෙවා ගත් ආකාරයෙන් පෞද්ගලික අංශයේ ඩොලර් තිබෙන බව පේනවා. තවත් හෙට අනිද්දා වනවිට මෙට්‍රික් ටොන් විසිදෙදහසක නැවක් පැමිණෙන්න තිබෙනවා. ඒ අයට ඩොලර් තිබෙන නිසානේ ආනයනය කරන්නේ. ඇතැම් ව්‍යාපාරිකයන්ට ඩොලර් නැහැ. ඉකුත් සමයේ ඇති වූ ලොක් ඩවුන් එක නිසා රටේ සිමෙන්ති හිඟයක් තිබෙනවා. මේ මෙට්‍රික් ටොන් මිලියන තුනක සිමෙන්ති හිඟය පියවන්න දේශීය නිෂ්පාදනය කරලා හෝ ආනයනය කරලා වෙළෙඳපොළට නිකුත් වෙනවා නම් මේ සිමෙන්ති මාෆියාව ඇති කරමින් අධික මිලට ජනතාවට සිමෙන්ති මිලදී ගන්න වෙන්නේ නැහැ.

මෙි අතර දැනට පවතින වෙළෙඳපොළ හිඟය සමනය කිරීම සඳහා සිමෙන්ති ආනයනය කිරීමට රජය සලකා බලයි. ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව හරහා රජය සිමෙන්ති ආනයනය කිරීමට සැලසුම් කරයි. එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සදහන් කලේ වත්මන් වෙළෙඳපොලෙහි ඇත්තේ සිමෙන්ති හිඟයක් නොව මාෆියාවක් බව ය. නිෂ්පාදනවලින් 90% ක්ම කිසිදු ගැටලුවකින් තොරව වෙළෙඳපොළට නිකුත් කළ හැකි බව ඔහු වැඩිදුරටත් පැවසීය.

රටේ මාසික සිමෙන්ති ඉල්ලුම සිමෙන්ති බෑග් මිලියන 14 පමණ බව ගණන් බලා ඇත. කොට්ට 40% ක් රට තුළ නිෂ්පාදනය කෙරේ. සියයට 50ක් ආනයනය කරන්නේ තවත් සමාගම් දෙකක් හරහාය. සිමෙන්ති කොට්ටවලින් තවත් 10% ක් ආනයනය කර කොට්ට ලෙස විකුණනු ලැබේ.

සිමෙන්ති කොට්ටයක ඉහළම සිල්ලර මිල රු. 1,375 /- වන අතර මේ වන විට සිමෙන්ති කොට්ටයක් රුපියල් 1,800 සහ රු. 2,000 ක අතර මිලකට විකිනෙනවා. නියමිත මිලට සිමෙන්ති අලෙවි නොකරන වෙළෙඳුන් සොයා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැටලීම් ආරම්භ කර තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles