Friday, September 20, 2024

සිමෙන්ති 50kg ක කොට්ටයක මිල රුපියල් 1850/= දක්වා ඉහළට –
සිමෙන්ති සමාගම්

වෙළෙඳ පොලේ අලෙවි වන දේශීයව හා විදේශීයව නිපදවන කිලෝ ග‍්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 475 කින් ඉහළ ගොස් ඇත.ඒ අනුව සිමෙන්ති කොට්ටයක නව මිල රුපියල් 1,850කි.

අද (13) පස්වරුවේදී සිමෙන්ති නිෂ්පාදන සහ ආනයනය කරනු ලබන සමාගම් විසින් මෙම තීරණය ගෙන ඇත.

මෙලෙස මිල වැඩිකිරීමට හේතු වන්නේ රට තුළ පවතින දැඩි ආර්ථික අර්බුදය හමුවේ රුපියලේ අගය අවප්‍රමාණය වීම මත සහ රට තුළට ඩොලර් ගලා නොඒම මත විශාල වශයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් සංශෝධනය වීමයි.

මේ හේතුවෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ මෙන්ම රථවාහන, දූරකථන සහ ජංගම දූරකථන උපාංගවල මිල ගණන් පවා පසුගිය දිනවල වෙනස් වුණා.

එමෙන්ම ආහාරපාන මිල ගණන් ද වැඩි වූ අතර, ගෑස් මිල සම්බන්ධයෙන් ද ,මේ වනවිට ඇත්තේ ඉහළ යාමේ ලකුණු බවයි වාර්තා වන්නේ.

ඉදිරියේ දී බස් ගාස්තු මෙන්ම බොහෝ ක්ෂේත්‍රවල සේවා ලබා ගැනීමේ දී අය කරනු ලබන සේවා ගාස්තු ද පවතින ආර්ථික අර්බුදය හමුවේ වෙනස් අගයන් ගත හැකි බවයි ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.

ආනයනික සිමෙන්ති මිල ගණන් මෙලෙස ඉහළ ගොස් ඇත්තේ ඒවා ප්‍රවාහනයේදී අය කරනු ලබන වරාය ගාස්තු,බහාලුම් ගාස්තු සහ නිෂ්පාදන ගාස්තු ආදිය ලෝක වෙළෙඳපොළේ ආර්ථික අවපාතය මත ඉහළ යාම හේතුවෙනි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles