සියදිවි හානි කරගැනීමට නීතීඥයෙකු පාර්ලිමේන්තුවේ අවසරය ඉල්ලමින් ජනපති , කථානායක ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලිපියක් යොමු කරයි

0
279

සියදිවි හානි කරගැනීමට පාර්ලිමේන්තුවේ අවසරය ඉල්ලමින් BAW අබේවර්ධන නමැති නීතිඥයෙකු විසින් ජනාධිපතිවරයා, කථානායකවරයා ඇතුළු සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලිපියක් යොමු කර තිබෙනවා.

ඔහු සඳහන් කර ඇත්තේ තමන් සේවය කළ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවෙන් කිසියම් හේතුවක් මත තමාව ඉවත් කිරීම හේතුවෙන් ජනතා බදු මුදලින් අධ්‍යපනය ලැබීමේ ණය ගෙවා ගැනීමට නොහැකි වීම මත තමන් දිවි නසා ගැනීමට තීරණය කර ඇති බවයි.

“ණය ගෙවා ගත නොහැකිකම මත සියදිවි නසා ගැනීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීම” යන ආන්දෝලනාමක ලිපි ශිර්ය යටතේ මෙම ලිපිය පසුගියදා පාර්ලිමේන්තුවේ කතානායක සහ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත යොමු කර තිබුණා.

මෙරට ජනතාවගේ බදු මුදල් වලින් හෝඩියේ සිට උසස්පෙළ දක්වාත් අනතුරුව පේරාදෙණිය සහ කොළඹ විශ්වවිද්‍යාලවලත්,  විදෙස් රටවලත් දීර්ඝ කාලයක් අධ්‍යාපනය ලැබීම හේතුවෙන් තමන් මෙරට බදු ගෙවන ජනතාවට බරපතල ලෙස ණය වී ඇති බවද එම ලිපියේ සඳහන් කර තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here