Friday, January 10, 2025

සියයට 5.5ක ආර්ථික වර්ධනයක්

වසර මැද ශ්‍රී ලංකාවේ මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවක් මුදල් ඇමති රවි කරුණානායක මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.

2015 වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව 2016 වසරේ මුල් මාසයේදී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 4.4%ක සිට 5.5% දක්වා වර්ධනය වී තිබෙන බව එහි සඳහන් වෙයි. එහි ඇති කරුණු පහත පරිදි වෙයි.

* දේශීය හා ජාත්‍යන්තර අභියෝග රැසක් මධ්‍ය‘යේ වුවද ශ්‍රී ලංකා ආර්ථිකය, 2015 වර්ෂයේ පළමු කාර්තුව තුළ වාර්තා කරන ලද 4.4% ක වර්ධනයට සාපේක්ෂව 2016 වර්ෂයේ පළමු කාර්තාවේදී 5.5% ක ආර්ථික වර්ධනයක් අත්කර ගැනීමට සමත්ව ඇත.

* සමාලෝචිත කාලපරිච්ඡේදයට අදාළව 2015 වසරේදී ලැබූ රාජ්‍ය ආදායම 2016 වසරේදී 19.5% කින් වර්ධනය වී ඇත.

* උද්ධමනය තවදුරටත් තනි අංකයක පවත්වා ගැනීමට හැකි වී ඇත.

* ජාත්‍යන්තර වෙළෙඳ පොළේ අස්ථාවරත්වයන් මධ්‍යයේ සමස්ත අපනයන ආදායම 4.5% කින් අඩු වුවද, විදේශ ශ්‍රමික ප්‍රේෂණ සහ සංචාරක ව්‍යාපාරයේ ඉපැයීම් මගින් විදේශ විනිමය ගලා ඒම ඉහළ යාමත්, ආහාරපාන, ඛනිජ තෙල් නිෂ්පාදන සහ ප්‍රවාහන උපකරණ ආනයන වියදම සැලකිය යුතු ලෙස අඩුවීමත් හේතුවෙන් 2015 වසරේ එම කාලය සමග සැසඳීමේදී වෙළෙඳ හිඟය 2016 වසරේ මුල් මාස හතරේදී (04) 2.4% කින් අඩුවී ඇත.

 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles