Saturday, January 11, 2025

‘ සියල්ලට පෙර දරුවන්’ – දරුවන්ගේ දීර්ඝකාලීන සුභසාධනය සහ සුරක්ෂාව අරමුණු කර ගනිමින් වැඩසටහන් රැසක්

වර්තමානයේ පවතින කොවිඩ් – 19 වසංගත තත්වය තුළ ශ්‍රී ලාංකික ළමා පරපුර අවිනිශ්චිත පරිසරයක ජීවත් වෙමින් සිටිනා බවත්, දරුවන් අත්විඳිමින් සිටින එම තත්වයෙන් වළක්වා ගැනීම සඳහා තම අමාත්‍යාංශය හා ඊට අනුබද්ධිත ආයතන ජාතික තලයේ සිට ග්‍රාමීය මට්ටම දක්වා වැඩසටහන් හා නව ප්‍රවේශයන් ඔස්සේ කටයුතු කරමින් සිටින බව කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසයි.

‘සියල්ලටම පෙර දරුවන්’ යන තේමාව යටතේ 2021 ලෝක ළමා දිනයට සුභාශිංසන එක් කරමින් කොළඹදී පැවති ජාතික උත්සවයේදී ගරු රාජ්‍ය අමාත්‍යතුමන් මේ බව සඳහන් කළේය.

එක් දිනයක් පමණක් දරුවන් වෙනුවෙන් සීමා නොකොට වසරේ දවස් 365 ම දරුවන් වෙනුවෙන් කැප කිරීම තම අමාත්‍යාංශයේ ඒකායන අරමුණ බවත්, මෙවර ලෝක ළමා දිනය මූලික කරගනිමින් දරුවන් වෙනුවෙන් නව මාධ්‍ය අවකාශයක් නිර්මාණය කරදීම හා නිර්මාණාත්මක කුසලතා වර්ධනය කිරීම, අධ්‍යාපනයේ සමානාත්මතාවය වෙනුවෙන් පාසල්වල දරුවන්ට අධ්‍යාපන උපකරණ ප්‍රදානය කිරීම ඉන් මූලික කටයුතු කිහිපයක් බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මෙම වැඩසටහන් සියල්ල මෙරට දුවා දරුවන්ගේ දීර්ඝකාලීන සුභසාධනය හා සුරක්ෂාව අරමුණු කරගත් දැනුම, කුසලතා, ආකල්ප වර්ධනය කරනු ලබන වැඩසටහන් බවත්, මෙරට අයිතිවාසිකම් ආරක්ෂා කරමින් ඔවුන්ට සුරක්ෂිතව ජීවත් වීමට අවශ්‍ය පරිසරය සකස් කර දීම තම අමාත්‍යාංශයේ මූලික වගකීම බවත් එය නිසි පරිදි ඉටු කරමින් දරුවන් බලගැන්වීම තමාගේ එකම අභිලාෂය බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා, රාජ්‍ය අමාත්‍ය ගරු සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා, රාජ්‍ය අමාත්‍ය ගරු (වෛද්‍ය) සීතා අරඹේපොල මැතිතුමිය, රාජ්‍ය ලේකම් කුමාරි ජයසේකර මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී විය.

එමෙන්ම 2021 ලෝක ළමා ළමා දින සැමරුමට සමගාමීව

  1. එංගලන්තයේ විශ්ව විද්‍යාල හතරක් මගින් පෙර පාසල් ගුරුවරියන් 1500කට මාර්ගගත ක්‍රමය ඔස්සේ ඩිප්ලෝමා ප්‍රධානය.
  2. ‘පුංචි අපේ පෙර පාසල’ රූපවාහිනී නාලිකාව ආරම්භ කිරීම
  3. කොස් පැළ ලක්ෂයක් සිටුවීමේ ජාතික වැඩසටහන ආරම්භ කිරීම
  4. ළමා නිවාස ගත දරුවන් පිළිබද සංඛ්‍යාලේඛන වාර්තාව පිළිගැන්වීම
  5. “සිසු නැණ ප්‍රදීප” ළමා නිවාස ගත දරුවන්ගේ මාර්ගත අධ්‍යාපනය සදහා පරිගණක ලබාදීම.
  6. ළමා චිත්‍ර තරගයේ ජයග්‍රහකයින්ට ත්‍යාග හා සහතික පත්‍ර ලබාදීම
  7. ළමා සංවර්ධන මධ්‍යස්ථානවල දරුවන්ට වෘත්තීය පුහුණුව ලබාදීමට අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම
  8. ළමා කෙටි චිත්‍රපට තරගයේ ජයග්‍රහකයින්ට ත්‍යාග හා සහතික පත්‍ර ලබාදීම
  9. නිම්තෙර නිර්මාණ සංග්‍රහය පිළිගැන්වීම
  10. “සෙනෙහස” මාපිය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම.
  11. සශ්‍රීක මානව සම්පතක් උදෙසා “නැණ ප්‍රදීප” වැඩසටහන

යන ආදී සුවිශේෂී වැඩසටහන් රැසක් අද පැවැත්වීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles