Monday, January 13, 2025

සියල්ල අවසානයේ ඩොලර් මිලියන 6.7 ක වන්දියක් චීන පොහොර සමාගමට ගෙවීමට රජය තීරණය කරයි

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ප්‍රමිතීන්වලට අනුව පොහොර තොගය ප්‍රතිනිෂ්පාදනය කරන ලෙස ද අදාළ සමාගමට දැනුම් දී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් මත අදාළ චීන සමාගමට මෙලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 6.7ක් ගෙවීමට රජය තීරණය කර තිබේ.

නිසි ප්‍රමිතීන්ට අනුව නැවත සකස් කර නැවත එවීමේ එකඟතාව මත නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් ඇතිව චීන පොහොර සමාගමට ඇමෙරිකානු ඩොලර් මිලියන 6.7ක් ගෙවීමට රජය තීරණය කර තිබෙනවා.

SLSI ප්‍රමිතීන්ට අනුකූල වන පරිදි පොහොර ප්‍රතිනිෂ්පාදනය කරන ලෙසටද සමාගමට දැනුම් දුන් බව රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ සඳහන් කළා.

චීනයෙන් ආනයනය කිරීමට නියමිත කාබනික පොහොර සාම්පලවල තිබී අහිතකර ක්ෂුද්‍රජීවීන් අවස්ථා දෙකකදී හඳුනාගැනීමත් සමඟ චීනයෙන් කාබනික පොහොර ගෙන්වීම නතර කිරීමට රජය තීරණය කළේය.

ඒ සම්බන්ධයෙන් පළ වූ මාධ්‍ය වාර්තා පිළිබඳ කරුණු පැහැදිලි කරමින් මෙරට චීන තානාපති කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ අන්තර්ජාතික ප්‍රමිතීන්ට අදාළව පොහොර නිෂ්පාදන ක්‍රියාවලියේදී ඒවා සෙල්සියස් අංශක 600ක උෂ්ණත්වයක ජීවානුහරණය කිරීමේදී අහිතකර ක්ෂුදු ජීවි විශේෂ අධික උෂ්ණත්වය යටතේ සම්පූර්ණයෙන් විනාශවන බවය.

මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ, කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ අධිකරණ අමාත්‍ය අලි සබ්ලි විසිනි.

චීනයේ කින්ඩාඔි සිඩින් බයෝටෙක් සමාගමට අයත් කාබනික පොහොර නැවට ඩොලර් මිලියන 08 කට ආසන්න මුදලක් ගෙවිමට අදාළ කැබිනට් පත්‍රිකා දෙකක් ඊයේ (13) පස්වරුවේ රැස් වූ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබූ බව ඇතැම් මාධ්‍ය වාර්තා කරනවා. මෙම නෞකාව දින 70 කට ආසන්න කාලයක් මෙරට මුහුදේ සැරි සැරීමෙන් අනතුරුව පසුගිය 04 වැනිදා මෙරට මුහුදු සීමාවෙන් ඉවත්ව පසුගිය 10 වැනිදා සිංගප්පුරුවට ළඟා වුනා. කාබනික පොහොර පටවාගත් තම හිපෝ ස්පිරිට් නෞකාව සිංගප්පුරුව වෙත රැගෙන යනු ලැබුවේ සාම්පල ලබා ගැනීම සහ බේරුම්කරණය සඳහා බව චීනයේ චින්දාවෝ සිඩින් බයෝටෙක් සමාගම කියා සිටියා.

චීනයේ චින්දාවෝ සිඩින් බයෝටෙක් සමාගම මෙරටින් ඉල්ලා තිබූ වන්දි මුදල වුයේද ඩොලර් මිලියන 8ක්.

අදාළ කාබනික පොහොර නෞකාව මෙරටින් ප්‍රතික්ෂේප කරනු ලැබුවේ එහි හානිකර බැක්ටිරියා අඩංගු බවට වූ වාර්තා සමඟයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles