Online Payment වලට ආණ්ඩුව මොකක්ද මේ කරලා තියෙන්නෙ?

0
362
card

වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන ඩොලර් හිඟය හේතු කරගෙන වහාම ක්‍රියාත්මක වන පරිදි debit කාඩ් භාවිතයෙන් මෙරට සිට සිදු කරන සියලුම ආකාරයේ අන්තර්ජාල ගෙවීම් පහසුකම් තහනම් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇති බවට වාර්තා වනවා.

උදාහරණ ලෙස මෙම තීරණය මඟින් Paypal, aliexpress, etsy, adobe,google, facebook වැනි platform තුළ සියලුම ආකාරයේ ගෙවීම් තහනම් වනවා.

එසේම මෙරට සිට සිදුකරන විදේශීය විභාග, උපාධි පාඨමාලා ආදිය සඳහාද මුදල් ගෙවීමේ හැකියාව මෙමඟින් අහිමි වනවා.

එසේම මුදල් ගෙවීමට උත්සාහ කරන ඩෙබිට් කාඩ්පත් හිමියන්ගේ කාඩ්පතද තාවකාලිකව අක්‍රීය කිරීමට අදාල බැංකු මඟින් කටයුතු කරනු ඇති.

කෙසේ නමුත් මෙම තීරණය මඟින් ලංකාව තුළ ඔන්ලයින් මුදල් ගනුදෙනු කිරීමට බාධාවක් සිදු නොවන බවයි සඳහන් වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here