සියලුම දුරකථන ග්‍රාහකයින්ට තම දුරකථන අංකය වෙනත් ජාලයක් වෙත රැගෙන යාමේ (Number Portability) සේවාව සඳහා නීතිමය අනුමැතිය හිමිව ඇති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක මහතා පවසයි.
මේ හරහා සිදුවන්නේ දැනට යම් අයෙකු විසින් භාවිතා කරන දුරකථන අංකයක් වේ නම් එය සියළුම ජංගම දුරකථන සේවා ජාල ඔස්සේ එම අංකය වෙනස් නොකර ලබා ගැනීමේ හැකියාව හිමිවීමයි. ඒ අනුව එහිදී ඔබගේ දැනට පවතින් දුරකථන අංකය දැනට භාවිතා වන ජාල හඳුනා ගැනීම කේත අංකයන් සඳහා පොදු අංක ක්‍රමයක් වන බවත් (070, 071, 072, 075, 077, 076, 078) එයට ඕනෑම සබඳතාවයක් භාවිතා කල හැකිවනු ඇත. මේ සඳහා ජංගම දුරකතන සේවා සපයන ආයතනයන්ද ඔවුන්ගේ එකඟතාවය පල කර තිබුණි.
ඒ අනුව මේ වන විට TRCSL විසින් ජංගම දුරකතන සේවා සපයන සමාගම් වලට මධ්‍යම දත්ත ගබඩාවක් නිර්මාණය කිරීමට උපදෙස් ලබා දී ඇති අතර ඒ සඳහා මේ වන සිටින සියළුම දුරකතන සේවා ග්රාහකයන්ගේ දත්ත ඇතුලත් විය යුතු බවට දන්වා ඇත.
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල්වරයා මේ බව සඳහන් කළේ, ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැත්වෙන මාධ්‍ය හමුවට එක්වෙමිනි.
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ක්‍රියාකාරීත්වය සහ ගමට සන්නිවේදන ව්‍යාපෘතිය පිළිබදව මෙහිදී සාකච්ඡාවට බඳුන් වුණා.
ඒ අනුව දුරකතන සංඥා ගැටලු මඟ හැරීම සඳහා ෆෝ – ජී තාක්ෂණය ලබාදීම සඳහා කුළුණු ඉදිකිරීම දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක ආරම්භ කර ඇති අතර, රත්නපුර දිස්ත්‍රික්කයේ එවැනි කුළුණු 35ක් ඉදිකරමින් පවතින බවයි ඔහු සදහන් කළේ.
සියලුම තාක්ෂණික කරුණු සපුරා ගැනීමෙන් පසුව මෙම පහසුකම 2022 වර්ෂයේ මාර්තු මාසය වන විට ක්‍රියාත්මක කිරීමට හැකිවෙනු ඇති බව විදුලි සංදේශන කොමිෂන් සභාව පවසයි.