Sunday, September 22, 2024

සියලුම පළාත් පාලන ආයතන ඩිජිටල් කරණයට පියවර

සියලුම පළාත් පාලන ආයතන ඩිජිටල්කරණයට ලක්කර මහජන සේවාව ඇඟිලි තුඩු මතින් සිදු කර ගැනීමේ හැකියාව ඇති කරන බව පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය . 

රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා එසේ පැවසුයේ ඊයේ (27) දින පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් හා ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් එක්ව පළාත් පාලන ආයතන ඩිජිටල් කරණය කිරීම පිළිබඳව අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකට එක්වෙමිනි. තරුණ හා ක‍්‍රීඩා කටයුතු සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වුණි.

 මහජනතාවට අපහසුතාවයකින් තොරව උපරිම පහසුවෙන් තම සේවාවන් ලබා ගැනීම මෙම වැඩසටහනේ අරමුණ වී ඇති බව සඳහන් වේ මෙම අවස්ථාවට පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එස්.ඩී.ඒ.බී. බොරලැස්ස මහතා, තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත ද සිල්වා මහතා, පළාත් පාලන රාජ්‍ය අමාත්‍යාංශය අතිරේක ලේකම් (සංවර්ධන) එම්. කොඩිප්පිල්ආරච්චි මිය, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සාමාන්‍යධිකාරි ඕෂධ සේනානායක මහතා, ගම්පහ මහ නගර සභාවේ නගරාධිපති එරංග සේනානයක මහතා හා පළාත් පාලන ආයතන වල නිලධාරීන් සහ ඩිජිටල් තාක්ෂණ අමාත්‍යාංශ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles