Thursday, January 23, 2025

සියලුම රාජ්‍ය නිලධාරින්ට විශේෂ දැනුම්දීමක්

සියලුම රාජ්‍ය නිලධාරින්ට විශේෂ දැනුම්දීමක්
පූර්ණ එන්නත්කරණයට ලක්නොවූ අයට පොදු ස්ථානයන්ට යා නොහැකි වන ලෙස නීති සැකසීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කිරීමත් සමග සියලුම රාජ්‍ය නිලධාරින් අප්‍රේල් අවසන් වීමට ප්‍රථම පූර්ණ එන්නත්කරණයට ලක්විය යුතු යැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

එබැවින් සියලුම රාජ්‍ය ආයතන පොදු ස්ථාන බැවින් එම ස්ථානයන්හි සේවය කරන සියලුම දෙනා එන්නත්කරණයට ලක්විය යුතු යැයි සංගමයේ සභාපති උපුල් රෝහණ අවදාරණය කරයි.

රාජ්‍ය ආයතනයක් වෙත රාජකාරි කටයුත්තක් කරගැනීමට යන ඕනෑම පුද්ගලයකුට එම ආයතනයේ නිලධාරීන් පුර්ණ එන්නත්කරණයට ලක්ව සිටි ද යන්න පිළිබද විමසීමේ අයිතියක් ඇති බවත් එලෙස විමසන අවස්ථාවේදී එම නිලධාරියා පුර්ණ එන්නත්කරණයට ලක්ව නොමැති නම් ඒ පිළිබද ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දැනුවත් කළහොත් එම නිලධාරියාට විරුද්ධව නිරෝධායන පනත යටතේ ක්‍රියාමාර්ග ගත හැකි යැයි උපුල් රෝහණ සදහන් කරයි.

එන්නත්කරණයට ලක් නොවීමට පුද්ගලයකුට අයිතියක් ඇතත් වෙනත් අයෙකුගේ ජීවිතය අනතුරේ හෙලීමේ අයිතියක් නොමැති බව ඔහු පෙන්වා දෙයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles