Sunday, January 12, 2025

ජනතාව එළවළුත් කාලා හමාරයි – සියලු එළවළු මිලත් සියයට සියයකින් වැඩිවෙයි

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට දිනපතා ලැබෙන එළවළු විශාල වශයෙන් අඩු වීම් හේතුවෙන් එළවළු මිල සියයට 100 කින් ඉහළ ගොස් ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණ බාරයේ කළමනාකරු ක්‍රිස්ටි විජේරත්න මහතා සදහන් කරයි.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය දිවයිනේ එළවළු අවශ්‍යතාවයන් සියයට 70ක් පමණ බෙදා හරී.පසුගිය 21 වැනි දින සිට එක වැරම එළවළු මිල සීග්‍රයෙන් ඉහළ යෑම පටන් ගත් බව වෙළෙන්දෝ පවසති.

පහත රට සහ කන්ද උඩරට ප්‍රදේශයවලින් ලැබෙන එළවළු වර්ග සියල්ල කිලෝ එකක තොග මිල රුපියල් දෙසිය සීමාව ඉක්මවා යමින් පවතින බව වෙළෙන්දෝ සදහන් කරයි.

ඒ අනුව වම්බටු, මෑ කරල්,පතෝල , කැරට් ,ලීක්ස්, මාළු මිරිස්,දඹල, ලීක්ස්, බීට්, අමුමිරිස් ආදී එළවළු වර්ග සියල්ලම රුපියල් 120 සිට 220 දක්වා වූ විවිධ මිල පරාසයන් යටතේ අලෙවි විය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles