සියලු පාසල්වල ප්‍රාථමික අංශ ලබන සඳුදා සිට ආරම්භ කෙරේ

0
283

රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් හි ප්‍රාථමික අංශ (1 සිට 5 දක්වා ශ්‍රේණි) 2021 ඔක්තෝබර් 25 සඳුදා සිට ආරම්භ කෙරේ.

පළමු අදියර යටතේ සිසුන් 200 ට අඩු පාසල් හි ප්‍රාථමික අංශ 2021 ඔක්තෝබර් 21 දින සිට ආරම්භ විය.

ඒ අනුව දෙවන අදියර යටතේ ශිෂ්‍ය සංඛ්‍යාව 200 ට වැඩි පාසල් හි ප්‍රාථමික අංශ (1 සිට 5 දක්වා ශ්‍රේණි) ආරම්භ කිරීමට සෞඛ්‍ය නිර්දේශ ලැබී ඇත. ඒ අනුව එම පාසල්වල ප්‍රාථමික අංශ ආරම්භ කිරිම සඳහා පළාත් ආණ්ඩුකාරවරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්, පරිවේනාධිපතිවරුන් විදුහල්පතිවරුන් ඇතුළු අධ්‍යාපන බලධාරීන් සමග අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු සිදු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here