සියළුම තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගුයි..

0
904

ඊයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී තැපැල්පති රෝහණ අබේරත්න මහතා, දිවයිනේ සිටින සියලුම තැපැල් සේවකයන්ගේ නිවාඩු වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට තීරණය කළ බව සඳහන් කළා. නිවාඩු අවලංගු කිරීමට අදාළ චක්‍රලේඛ මේ වනවිට නිකුත් කර තිබෙන නිසා සියලුම සේවකයන් සේවයට වාර්තා කළ යුතු බවයි එම මහතා අවධාරණය කළේ.

තැපැල් සේවකයන් ආරම්භ කර තිබෙන වෘත්තිය ක්‍රියාමාර්ගය පිළිබඳව අද දිනයේදී වෘත්තීය සමිති සමග සාකච්ඡා කිරීමට කටයුතු කරන බවත් ඔහු ප්‍රකාශ කර සිටියා. ඉල්ලීම් කීපයක් මුල් කර ගෙන තැපැල් දෙපාර්තුමේන්තුවේ සේවකයින් අතිකාල සේවාවේ යෙදීමෙන් වැළකී සිටීමේ ක්‍රියාමාර්ගයක යෙදී සිටිනවා. ඒ, පසුගිය 12දා සිටයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here