සියලූම වර්ගයේ පූර්ණ වල්නාශක මෙරටට ආනයනය, අලෙවිය හා භාවිතය වහාම තහනම් කරන ලෙස පලිබෝධනාශක රෙජිස්ටාර්වරයාට හා අදාළ අංශ වෙත ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් උපදෙස් දී තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ වස විසෙන් තොර ආහාර ලබාදෙමින් ජනතාව නිරෝගිමත් ජනතාවක් බවට පත් කිරීමට රජය ආරම්භ කර ඇති වැඩපිළිවෙළට සමගාමිව ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇති බවයි.
වල්නාශක, කෘමි නාශක හා රසායනික ද්‍රව්‍ය අධික ලෙස භාවිතය හේතුවෙන් ජනතාවගේ සෞඛ්‍යයට දැඩි තර්ජන එල්ල වී ඇති අතර මෙම තත්ත්වය යටතේ ඉතා අහිතකර වල් නාශකයක් වූ ග්ලයිෆොසෙට් තහනම් කිරීමට ද මීට පෙර පියවර ගන්නා ලදී.
එහෙත් ග්ලුෆෙසියෙට් ඇමෝනියම් නැමැති රසායනික වල් නාශකය විවිධ වෙළඳනාමයන් යටතේ තවදුරටත් මෙරටට ආනයනය කිරීම හා බෙදාහැරීම සිදුවන බවට තොරතුරු අනාවරණය වීම නිසා සියලූම වර්ගයේ පූර්ණ වල්නාශක ආනයනය තහනම් කිරීමට ජනාධිපතිවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇත.