සිය මවගේ මෘත දේහය බිම් මහලේ සඟවා වසරකට අධික කාලයක් විශ්‍රාම වැටුප ලබාගත් පුතෙක්

0
461

සිය මවට ලැබෙන මාසික විශ්‍රාම වැටුප ලබා ගැනීමට සිය මවගේ මෘත දේහය වසරකට අධික කාලයක් දේහය නරක් නොවීමට ඉඩ නොදී නිවසේ බිම් මහලේ තබාගෙන සිටීමේ පුවතක් වර්තා වෙනවා.

මිය යන විට 89 වෙනි වියෙහි පසු වූ ඇයගේ මව ‘මෙන්ෂියා‘ නැමැති රෝගයෙන් පෙළෙමින් සිටියදී ස්භාවික ලෙස මිය ගොස් ඇත්තේ ඉකුත් වසරේ ජූනි මාසයේදීය.

ඇයගේ 66 වියෙහි පසුවූ පුතු විසින් මවගේ දේහය කිසිම දුඟද හැමීම වැලැක්වීමට එය බැන්ඩේජ් පටි වලින් ඔතා දේහය මත අයිස් පැකට් තබා තිබූ බව පොලීසිය විසින් අනාවරණය කරගෙන තිබේ.

සිය මව මියගිය බව අනාවරණය නොකිරීම හේතුවෙන් එම පුතා පසුගිය කාළ සීමාව තුල මවගේ විශ්‍රාම වැටුප වශයෙන් යුරෝ 50,000ක පමණ මුදලක් නීති විරෝධී ආකාරයෙන් ලබාගෙන ඇති බව හෙලිවී තිබේ.

මෙම වංචාව හෙලිවී ඇත්තේ ඕස්ට්‍රේලියාවේ බටහිර ටයිරෝල් ප්‍රදේශයේ පදිංචි ඉහත කී පුද්ගලයාගේ නිවසට මවගේ විශ්‍රාම වැටුප් චෙක්පත ලබාදීමට පැමිණි ලියුම් බෙදන්නා විසින් විශ්‍රාම වැටුප හිමි කාන්තාව බැලීමට අවශ්‍ය බව පැවසූ විට පුතා විසින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුවය.

ලියුම් බෙදන්නා විසින් මේ බව පොලීසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් විසින් නිවෙස සෝදිසි කල අවස්තාවේ මිය ගිය කාන්තාවගේ දේහය සොයාගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here