Sunday, January 12, 2025

සිරගතව සිටින මන්ත්‍රීවරුන්ගෙන් පටු දේශපාලන වාසි ලබා ගන්න එපා

සිරගතව සිටින මන්ත්‍රීවරුන් යොදා ගනිමින් පටු දේශපාලන වාසි ලබා නොගන්නා ලෙස ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයාගෙන් ඉල්ලා සිටින බව ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.

සිරගතව සිටින රිෂාඩ් බද්යුදීන් මන්ත්‍රීවරයා සම්බන්දයෙන් ඊයේ (07දා) පාර්ලිමේන්තුවේදී යොමු කළ ප්‍රශ්නයක් පිළිබඳ අදහස් පළ කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස තමා මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද වෙනුවෙන් පෙනී සිටින බවත් එසේ නොමැතිව මෙම ප්‍රශ්න ඉදිරිපත් කිරීම හරහා තමාට පෞද්ගලික වාසි අත් නොවන බවත් ඊට ප්‍රතිචාර දක්වමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී අධිනීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල – රිෂාඩ් බද්යුදීන් මහතාගේ සිරගත කරලා ඉන්නේ. සවස 5 එතුමාගේ කුටිය වහනවා. එතුමාට මුත්‍රා කරන්න තිබෙන්නේ බෝතලයට. රාත්‍රි කාලයේ දෙවතාවක් වතුරු ඔ්නී ඉස්ලාම් ආගමේ අයට යාඥා කරන්න. ඉතින් හරිම අසාධාරනයි. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකුත් මෙලෙස ඉන්නවා. නමුත් ඔහුට ගෙදරිනුත් කෑම ගේනවා. මෙතන පක්ෂ දේශපාලනයක් නෑ. දේශපාලන වශයෙන් නඩු දැම්මම මේකයි වෙන්නේ.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු – කිරිඇල්ල මන්ත්‍රීවරයා තවම සිරගත වෙලා නෑ මම හිතන්නේ. තමුන්නාන්සේලාගේ ආණ්ඩුවෙන් තමයි අපිව දැම්මේ. අපිවත් වැහුවා 5ට වැහුවා. අපි උදේ වෙනකන් බෝතලේ තමයි පාවිච්චි කළේ. ඒවා මතක නෑ. එළියේ ගිහින් එකක් කියනවා. ඇතුලේ ඇවිල්ලා තව එකක් කියනවා. කාදිනල් හිමිපානන්ට තව එකක් කියනවා. තමුන්නාන්සේලා බලය පාවිච්චි කරපු හැටි මතකයිනේ රෑ 12 වෙනකන් අධිකරණ විවෘතව තියලා. ‍

පාර්ලිමේන්තුවේ විවාධය පැවැත්වෙන අතරතුරු ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අදාල ප්‍රකාශය සම්බන්දයෙන් නැවත අදහස් පළ කළ අතර විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතාද එහිදී අදහස් පළ කළේය.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු – විපක්ෂයේ සංවිධායකතුමා ප්‍රශ්නයක් පැන නැගුවා රිෂාඩ් බද්යුදීන් මන්ත්‍රීවරයාට හිරගෙදර වැසිකිලිය පාවිච්චි කරන්න දෙන්නේ නෑ කියලා. මම වහාම කොමසාරිස්වරයාට කතා කරලා ඇහුවා. එතුමාට අවසර දීලා තිබෙනවා ඔ්නෑම අවස්ථාවක සවස 6 සිට පසුදා 6 වෙනකන් කතා කරලා වැසිකිලිය පාවිච්චි කරන්න. අනිත් එක කෑම පිළිබදව. මන්ත්‍රීවරයෙක්ට ලිකිතව ඉල්ලීමක් කළාම එළීයෙන් කෑම ගේන්න පුලුවන්. මේ කෝවිඩ් නිසා ඒක නතර කරලා තිබෙනවා 15 වැනිදා වෙනකන්. ඒ නිසා ගෞරවයෙන් ඉල්ලනවා මෙහෙම පාර්ලිමේන්තුව නොමග යවන්න එපා කියලා. ඒ වගේම පටු දේශපාලන වාසි ගන්න එපා මේ මන්ත්‍රීවරුන්ව පාවිච්චි කරලා. ලෝකයේ නොයෙක් ආයතන නොමග යවන්න එපා.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල -මම විපක්ෂයේ ප්‍රධාන සංවිධායක. මට රිෂාඩ් මන්ත්‍රීවරයා කියන තොරතුරු අනුව කටයුතු කරන්නේ. නැත්නම් මේකේ පෞද්ගලික ලාභයක් නෑ. මගේ යුතුකම මම ඉෂ්ඨ කරනවා. මෙතුමා සිර කළා කියලා හැමදාම කියනවා. මම හැන්සාඩ් බැලුවා. මෙතුමා වෙනුවෙන් එක් මන්ත්‍රීවරයෙක්වත් කතා කරලා නෑ. ඉතින් මම කතා කරන්නේ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද. ඒවා අධිකරණයේ කතා කරන්න බෑ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles