සිරස සජීවී ප‍්‍රවෘත්ති මැදිරියට රොෂාන් කඩා පනී සජීවීව බැසිල්ට බැණගෙන බැණගෙන යයි

0
671

රස රූපවාහිනිය ඊයේ රාත‍්‍රියේ සිය ප‍්‍රධාන ප‍්‍රවෘත්ති විකාශය සිදු කරන අතරවාරයේ මෙතෙක් කිසි දිනෙක සිදු නොවූ සිදුවීමක් සිදු විය.

නිවේදකයකු හා නිවේදිකාවක ප‍්‍රවෘත්ති විකාශය ඉදිරිපත් කරමින් සිටියදී සිරස මාධ්‍ය ජාලයේ ඉහල නිලධාරියෙකු හා මාධ්‍යවේදියෙකු වන රොෂාන් වටවල සජීවී ප‍්‍රවෘත්ති මැදිරියට ඇතුළු වී ප‍්‍රවෘත්ති විකාශයද අත්හිටුවීය.

ඉන් අනතුරුව ඔහු සැලකිය යුතු කාලයක් තිස්සේ හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක අදහස් පල කලේය.

මීට ආසන්නතම හේතුව වුයේ බැසිල් රාජපක්‍ෂ හිටපු ඇමතිවරයා විසින් ජනහමුවකදී පල කල අදහසකි. මෙරට විකාශණ සංඛ්‍යාත මහරාජා සමාගමට අත යටින් ලබා දී ඇතැයි ඔහු එහිදී ප‍්‍රබල චෝදනාවක් එල්ල කලේය.

ඊට ප‍්‍රතිචාර ලෙස සිරස රූපවාහිනිය මෙම හදිසි ප‍්‍රතිචාරය දැක්වුවත් ඔවුනට එල්ල වූ සංඛ්‍යාත චෝදනාවට කිසිදු පිලිතුරක් නොදී බැසිල් රාජපක්‍ෂ ඉලක්ක කර විවේචනාත්මක අදහස් පමණක් පල කලේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here