සිරිපාදේ ස්ටුවට්ගේ වීර ක්‍රියා

0
265

සිරිපා වන්දනා වාරය ආරම්භ වූ පළමු දිනයේදීම මත්ද්‍රව්‍ය රැගෙන සිරිපා කරුණා කිරීමට පැමිණි තරුණයින් 12 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.මෙලෙස මත්ද්‍රව්‍ය රැගෙන පැමිණෙන වන්දනාකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා (18) වැනිදා දවස මුළුල්ලේම හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයක සිදුකළ හදිසි පරික්ෂා වලදි මෙම සැකකරුවන් 12 දෙනා අත්අඩංගුවට අත්අඩංගුවට ගෙන ඇති බව හැටන් කොට්ඨාස අපරාධ විමර්ෂණ ඒකකය සඳහන් කළා.හැටන් පොලිසියේ පොලිස් නිල සුනඛ අංශයේ ස්ටුවට් සුනඛයාගේ සහය ඇතිව මෙම වැටලීම් සිදුකර තිබෙනවා.

අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙකු සන්තකයේ හෙරොයින් මත්ද්‍රව්‍ය මිලිග්‍රැම් 10 ක් තිබු බවත්, අනෙක් සැකකරුවන් සන්තකයේ කේරළ ගංජා තිබුණු බව සඳහන්.සැකකරුවන් අවුරුදු 20-30 වයස් කාණ්ඩ වල පසුවන අනුරාධපුර, රාගම සහ කොළඹ පදිංචිකරුවන් බව සිදු කළ විමර්ශන වල දී අනාවරණය වී තිබෙනවා.අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here