සිරිපා වන්දනා සමය ඇරඹෙි

0
383

2022 වසර සදහා වන  ශ්‍රී පාද වන්දනා සමය උඳුවප් පුර පසළොස්වක පෙහොය දිනය වන අදින් ඇරඹේ . මෙවර ශ්‍රී  පාද වන්දනා සමය 2021/12/18  සිට 2022 වසරේ මැයි මස 16 වනදා   බල පැවැත්වෙන බව රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය  නිකුත් කල ගැසට් නිවේදනය මගින් දන්වා ඇත. 

 මෙවර වන්දනා  සමය තුල කොවිඩ් වසංගතය වෙනුවෙන් පැනවූ නීති ක්‍රියාත්මක වන අතර එන්නත්කරණය  කාඩ්පත ලග තබා ගැනීම අනිවාර්ය වේ 

මෙි අතර උඳුවප් පුර පසළොස්වක පොහොය දිනය අදට (18) යෙදී තිබේ.

බෞද්ධ ඉතිහාසයට අනුව උඳුවප් පුර පසළොස්වක පෙහොය දිනය ශ්‍රී ලාංකික බෞද්ධයින්ට අතිශය වැදගත් පොහොය දිනයක් ලෙස සැලකේ.

දේවානම් පියතිස්ස මහරජුගේ ආරාධනයට අනුව සංඝමිත්තා මෙහෙණින් වහන්සේ විසින් ශ්‍රී මහ බෝධියේ දකුණු ශාඛාව මෙරට වැඩම කර ඇත්තේ ද අද වැනි පෙහොය දිනකය.

මෙරට මෙහෙණි සස්න ආරම්භවීම ද උඳුවප් පොහොය දිනයේ සිදු වූ බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here