සිරිල් ගාමිණී පියතුමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) කැඳවීම අද

0
319

රාජ්‍ය බුද්ධි සේවගේ අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා විසින් සිදුකරනු ලැබූ පැමිණිල්ලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ආචාර්ය සිරිල් ගාමිණි පියතුමන් අද (15) අපරාධ පරීක්ෂණ දෙපාර්තතමේන්තුව හමුවේ පෙනී සිටිමට නියමිතව ඇතැයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි .

මෙම සිද්ධියටම අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අද 15 පෙරවරු 10ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකක අංක 1 ට පැමිණෙන ලෙසට දැනුම් දීමක් කළ බව එම දෙපාර්තමේන්තුව පවසයි .

මෙයට පෙර අවස්ථා දෙකකදීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිරිල් ගාමිණී පියතුමන්ව ප්‍රකාශ ලබා ගැනීම සඳහා කැදවූත් එතුමා එම දෙපාර්තමේන්තුව හමුවට පැමිණීයේ නැත.

තමාව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇතැයි සඳහන් කරමින් එය වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් සිරිල් ගාමිණී පියතුමා ඉකුත් නොවැම්බර් 02 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ඉදිරිපත් කළහ.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම පෙත්සම ඉකුත් 08 වෙනිදා සළකා බලමු ලැබූ අතර එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ සිරිල් ගාමිණී පියතුමන් අත්අඩංගුවට ගැනීමේ කිසිදු සූදානමක් නොමැති බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here