සිරිල් ගාමිණී පියතුමන් සතියක් ඉල්ලයි

0
362

රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ කළ පැමිණිල්ලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා සතියක කාලයක් ලබාදෙන ලෙසට ආචාර්ය සිරිල් ගාමිණී පියතුමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා තිබෙනවා.

මෙම සිද්ධියට අදාළව ප්‍රකාශයක් ගැනීම සඳහා අද (28) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස ආචාර්ය සිරිල් ගාමිණී පියතුමන්ට දැනුම් දී තිබුණා.

කෙසේ වෙතත් එම පියතුමන් අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ නොසිටි අතර, ඒ වෙනුවට වෙනත් පියතුමන්ලා තුන් දෙනෙකු එහි පැමිණි බවයි, එහි සිටි හිරු වාර්තාකරු සඳහන් කළේ.

ශාන්ති කුමාර් වැලිවිට පියතුමන්, රවීන් සඳසිරි පියතුමන් සහ ශ්‍රීනාත් මනෝජ් පියතුමන් මෙලෙස පෙරවරුවේ සීඅයිඩීය වෙත පැමිණ සිටියා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදීම සඳහා කාලය ලබාදෙන ලෙස ආචාර්ය සිරිල් ගාමිණී පියතුමන් කරනු ලැබූ ඉල්ලීම ඇතුළත් ලිපිය මෙම පියතුමන්ලා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here