සිරිල් රමිපෝසාටත් කොවිඩි ආසාදනය වෙයි

0
313

දකුණු අප්‍රිකා ජනාධිපති සිරිල් රමිපෝසා මහතාට කොවිඩ් 19 වෛරසය වැළඳී තිබෙනවා.

ඔහු ස්වයං නීරෝධායනයට යොමු වී ඇති බව එරට ජනාධිපති කාර්යාලය සඳහන් කර තිබේ.

ඔහු පූර්ණ එන්නත්කරණයට පවා ලක්වුවෙකු වන අතර කේප්ටවුන් හි ඊයේ පැවති වැඩසටහනකකට සහභාගී වීමෙන් පසු රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමත් සමගයි ප්‍රතිකාර සඳහා යොමු කර ඇත්තේ.

කෙසේවෙතත් දකුණූ අප්‍රිකා ජනාධිපතිවරයාට වැළඳී ඇත්තේ ඔමික්‍රොන් වෛරස් ප්‍රභේදයමද යන්න මේ දක්වා නිශ්චිතව හෙළිකරගෙන නැහැ.

ඔමික්‍රොන් ප්‍රභේදය පළමුවෙන් හඳුනාගැණුනේද දකුණු අප්‍රිකාවෙනුයි.

ඉදිරි සතියක කාලය සඳහා ජනාධිපති ධුරයේ වැඩබැලීමට උප ජනාධිපති ඩේවිඩ් මබුසේ පත් කර ඇති බවද පැවසේ.

තමාට රෝගය වැළඳීම මගින් පෙන්නුම් කරනුයේ රටේ ජනතාව එන්නත ලබාගැනීමේ අවශ්‍යතාව ජනාධිපති රම්පෝසා පවසා ඇති බවද කියැවේ.

බටහිර අප්‍රිකානු රටවල සංචාරයක යෙදුණු ජනාධිපතිවරයා පසුගිය 8 වෙනිදා යළි සිය රටට පැමිණි අවස්ථාවේ සිදු කරන ලද පරීක්ෂණ මගින් ඔහු අසාදිතයකු බවට හෙලි වි නොමැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here