සිරි ඔස්කා අබේරත්න පියතුමන් ස්වර්ගස්ථ වේ

0
276

ගරු සිරි ඔස්කා අබේරත්න පියතුමන් ඊ​යේ පෙරවරුවේ ස්වර්ගස්ථ වුහ.
 
මියයන විට උන්වහන්සේ 89 වන වියෙහි පසුවිය.
 
මෙරට විශාලතම ගිහි ව්‍යාපාරය වන ‘කිතුදන පුබුදුව’ සංවිධානය ගොඩනැගීමට නායකත්වය ලබාදුන්නේ සිරි ඔස්කා අබේරත්න පියතුමන් විසිනි.
 
එමෙන්ම පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නා හිමියන් සමග එක්ව ආගමික සමගි සන්ධානය ගොඩනැගීමට ද උන්වහන්සේ ප්‍රමුඛත්වය ගෙන ක්‍රියා කළහ.  
 
80 වැඩ වර්ජනය, කණ්ඩලම සහ ඉරණවිල උද්ඝෝෂණ වැනි මෙරට තීරණාත්මක අරගලවලදී සිරි ඔස්කා අබේරත්න පියතුමන් ඒ සඳහා කැපීපෙනෙන දායකත්වයක් ලබාදුන් පියතුමෙක් ලෙස ඉතිහාසයට එක්ව තිබේ.
 
අවසන් ගෞරව පුදකිරීම සඳහා උන්වහන්සේගේ දේහය රාගම, වල්පොල, ශ්‍රී ප්‍රශංසාරාමයේ මේවනවිට තැන්පත් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here