Saturday, September 21, 2024

සිලාවතුර සිද්ධිය අසත්‍යයක් – නාවික හමුදාව

මන්නාරම් සිලාවතුර නාවික හමුදා කඳවුරේ සෙබළුන් පිරිසකට ඊයේ රාත්‍රියේ සිලාවතුර අරිප්පු ගම්වාසීන් පිරිසක් පහරදී ඇති බවට සිදු කෙරෙන පුවත අසත්‍යයක් බව නාවික හමුදාව පවසයි.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක අක්‍රම් අලෙවි පැවසුවේ එවැනි සිදුවීමක් වූ බවට කිසිදු තොරතුරක් මේ දක්වා තමන්ට වාර්තා නොවූ බවයි.

කෙසේ වෙතත් උතුරේ සහ දකුණේ ඇතැම් මාධ්‍ය වාර්තා පැවසුවේ සිද්ධියෙන් තුවාල ලැබූ සෙබළුන් තිදෙනෙකු අසාධ්‍ය තත්ත්වයෙන් මන්නාරම් රෝහලට ඇතුළත් කර ඇති බවයි.

සිලාවතුර මුහුදු තීරයෙන් අරිප්පු ප්‍රදේශයට කේරල ගංජා රැගෙන එන බවට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව නාවික හමුදා බුද්ධි නිලධාරීන් කිහිපදෙනෙකු අරිප්පු ප්‍රදේශයට ගොස් රැකවල් යොදා සිටි අවස්ථාවේදී ප්‍රදේශවාසීන් නාවික හමුදා සෙබළුන් තිදෙනෙකුට පහරදී ඇති බව සදහන්.

මේ අතර අදාළ මාධ්‍ය වාර්තාවලට අනුව සදහන් වූයේ ප්‍රදේශවාසීන් 300කට ආසන්න පිරිසක් එක්වී සෙබළුන් තිදෙනා අරිප්පු නාවික හමුදා කඳවුර ඉදිරිපිටට පහරදෙමින් රැගෙන ගොස් ඇති බවයි.

සෙබළුන් ගෙවල් මංකොල්ල කෑමට පැමිණි බව පවසමින් ඉතා උණුසුම් අයුරින් කෑගසමින් කඳවුරේ දොරටුවට ද පහර දී ඇති බව ද එම වාර්තාවලින් පැවසේ.

එම අවස්ථාවේදී තත්ත්වය සමථයකට පත්කිරීම සඳහා නාවික හමුදා කඳවුරෙන් උඩට වෙඩි තබා ඇති බව ද සදහන්.

වෙඩි තැබීමෙන් අනතුරුව අල්ලාගෙන සිටි නාවික හමුදා සෙබළුන් තිදෙනාගෙන් දෙදෙනෙකු ග්‍රහනයෙන් මිදී පලාගොස් රෝහල් ගත තර ඇති අතර අනෙක් සෙබළා ප්‍රදේශවාසීන් විසින් අරිප්පු කතෝලික පල්ලිය වෙතට රැගෙන ගොස් ඇති බව ද පැවසේ.

එසේ රැගෙන ගිය සෙබළා නිදහස් කිරීම ප්‍රතික්ෂේප කර ඇති අතර, අද උදෑසන මන්නාරම් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුගේ මැදිහත්වීම මත ඔහුව නිදහස් කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles