Saturday, September 21, 2024

සිව්වන කොවිඩ් රැල්ලක අවදානමක්?

මේ වනවිට ජනතාව හැසිරෙමින් සිටින්නේ කොවිඩ් නොතිබූ රටක මෙන් බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා සාකච්ඡාවකදි පවසා සිටියා.

ඔහු පෙන්වා දෙන්නේ ජනතාව වගකීම් සහගත ලෙස කටයුතු නොකළහොත් යළිත් කොවිඩ් රැල්ලක් ඇතිවිය හැකි බවයි.

“බටහිර ලෝකෙ ගත්තට පස්සේ ඔවුන් අපේක්ෂිතව සිටිනවා දෙසැම්බර් මාසේ වන විට හතරවැනි රැල්ලක් භයානක විදියට එයි කියලා. පහුගිය සතියක කාලයේ රෝගීන් නැවතත් ක්‍රමානුකූලව වැඩි වෙන ප්‍රවණතාවයක් දැක්නට ලැබෙනවා. විශේෂයෙන්ම ජනතාව කොවිඩ් තිබුණේ නැති රටක් වගේ හිතලා නැවත හැසිරෙන්න අරගෙන තියෙනවා. විශේෂයෙන්ම මේ මුහුණු ආවරණ පැළඳීම අත්‍යාවශ්‍යයි “

මේ අතර මෙරට කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන තවමත් ක්‍රියාත්මක වන අතර තුන්වන එන්නත් මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදීමත් තවදුරටත් ක්‍රියාත්මක බව සඳහන් කලා.

ඒ අනුව මේ දක්වා ලබාදී ඇති තෙවැනි එන්නත් මාත්‍රා ගණන 54,031 කි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles