Monday, October 21, 2024

සිවාජිලිංගම් නිදහස්‌ කරන්න යෑයි කියන කොටි නඩයේ පැටිකිරිය මෙන්න

ශ්‍රී ලංකාවේ යක්‍ෂයකු සිටින බව මුලින්ම පැවසුවේ ජිනීවා මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද්a හුසේන්ය. පසුගිය 14 දා මේ යක්‍ෂ කතාව යලිත් මතුවිය. ඒ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන යාපනයේ පැවැති දෙමළ භාෂා දින සැමරුම් උත්සවය අමතමිනි.

“විරෝධතා කරලා උද්ඝෝෂණ කළහොත් ශක්‌තිමත් වන්නේ යක්‍ෂයා බව අමතක නොකරන්නැයි ජනාධිපතිවරයා එහිදී කියා සිටියේය.

එම ප්‍රකාශයට හේතුවූයේ ප්‍රභාකරන්ගේ මස්‌සිනා වූ සිවාජිලිංගම්, ද්‍රවිඩ ජනතා ජාතික පෙරමුණේ නායක ගජෙන්ද්‍රකුමාර් පොන්නම්බලම් සහ එම පක්‍ෂයේ ක්‍රියාකාරියකුවූ කනේෂන් ඇතුළු එන්ජීඕ ක්‍රියාකාරීන් දේශපාලන සිරකරුවන් නිදහස්‌ කරන ලෙස ඉල්ලමින් කළුකොඩි වනමින් උද්ඝෝෂණයක්‌ කිරීමයි.

මේ උද්ඝෝෂණය මෙහෙයවූ සිවාජිලිංගම් සහ ගඡේන්ද්‍රකුමාර්ට පොලිසිය අධිකරණය මගින් තහනම් නියෝගයක්‌ ගනු ලැබුවත් ඔවුන් එම තහනම කඩ කළහ.

yapanaya1උතුරේ ආරක්‍ෂාවට යොදවා තිබූ විශේෂ කාර්ය බළකාය උද්ඝෝෂණය පැවැත්වූ පිරිසට ජල ප්‍රහාර එල්ල කර පහර දුන්නේ නැත. එසේම සිවා සහ ගජන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත යොමුකිරීමට ක්‍රියාකළේ නැත.

ජනාධිපතිවරයා යාපනය හින්දු විදුහලේ පැවැති උත්සවය නිමාකිරීමෙන් පසු විදුහල ඉදිරියේ කෑගසමින් සිටි දෙමළ විරෝධතාකරුවන් හමුවට ගොස්‌ ඔවුන්ගේ විරෝධතාවයට හේතු විමසා ඇත.

ඊට ප්‍රතිචාර දැක්‌වූ සිවාජිලිංගම් පැවසුවේ දෙමළ ජනතාව ඔබට ඡන්දය දුන්නා. ඇයි දේශපාලන සිරකරුවන් නිදහස්‌ නොකරන්නේ යනුවෙනි.

එහෙත් ප්‍රභාකරන්ගේ මස්‌සිනා පවසන මේ දේශපාලන සිරකරුවන් අහිංසකයන් ඉතාම බිහිසුණු මිනීමරුවන්ය.

සිවාජිලිංගම්, ගජෙන්ද්‍රකුමාර් සහ කනේෂන් ඇතුළු එන්.ජී.ඕ. ක්‍රියාකාරින් කෑගැසුවේ කොන්දේසි රහිතව එම බිහිසුණු ඝාතකයන් නිදහස්‌ කරන ලෙසයි. මෙලෙස නිදහස්‌ කරන ලෙස ඉල්ලා ඇත්තේ කොටි ඝාතක සමාගමට සම්බන්ධ මිලෙච්ඡ අපරාධකරුවන්ය. එහෙත් මේ අපරාධකරුවන් කවුදැයි හෙලිකිරීමට රජයේ බලධාරීන් ක්‍රියාකළේ නැත.

මෙරට බහුතර ජනතාවගේ අවධානය සඳහා එම බිහිසුණු මිනීමරුවන් කවුදැයි අපි අද හෙළිකරන්නෙමු.

විදේශ ඇමැතිව සිටි ලක්‍ෂ්මන් කදිරගාර් ඝාතනය, ඉසිවර් අරෝකියානාදන් මුත්තයියා,

yapanaya3හිටපු ආරක්‍ෂක ලේකම් ඝාතනය කිරීමට සැලසුම් කිරීම සහ ඔහුගේ ආරක්‍ෂකයන් මරාදැමීම, පොන්නසාමි කාර්තිනේසු, සිවාජි, සිවලිංගම් අරුන් නිලාවල්, ස්‌කන්දරාජ, චන්ද්‍රසෝස්‌ සෙල්වචන්ද්‍රන්, එස්‌. සෙන්දුරන් හිටපු ජනාධිපති ඝාතනය කිරීමට සැලසුම් කිරීම, කන්දවන් ගෝකුලනාදන්, ජෙයරාම් රාමනාදන්

හිටපු ඇමැති ජෙයරාඡ් ප්‍රනාන්දුපුල්ලේ ඝාතනය කිරීමට සැලසුම් කිරීම, තම්බයියා ප්‍රකාශ්

හිටපු හමුදාපති සරත් පොන්සේකා ඝාතනය කිරීමට උත්සාහ කිරීම – ෂන්මුගලිංගම් සූරියකුමාර්

මේජර් ජනරාල් ජානක පෙරේරා ඇතුළු 29 ක්‌ ඝාතනය කිරීම – අබ්දුල් හමීඩ් උමාර් ගන්නාබි

හිටපු ජනාධිපති ඝාතනය කිරීමට සැලසුම් කිරීම – ෂන්මුගලිංගම් දේවගන්, පාක්‍යනාදන ජුරියන් – බෙහසික්‌ දේවද්‍රdස්‌ නිර්මාල්, සිවරාසා සුදන් රාමයියා සිවමාරලියන්,

කටුබැද්දේදී මගීන් 26 ක්‌ රැගත් බස්‌ රථයක බෝම්බ අටවා මගීන් ඝාතනය කිරීම – එස්‌. කුගදාසන්,

පිලියන්දලදී ලංගම බස්‌ රියකට පුද්ගල නාශක බෝම්බයක්‌ අටවා මගීන් 28 ක්‌ ඝාතනය කිරීම – සචිතානන්දන්,

අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට ප්‍රහාර එල්ල කිරීම – රාසවලන් තබෝරුබන් පුරුගොන්නම් අරවින්ද,

අනුරාධපුරයේදී පොලිස්‌ නිලධාරීන් ඝාතනය කිරීමට උත්සාහ කිරීම – කාලිංගම් විඡේකුමාර් ලක්‍ෂ්මන් මෝගන්

කතරගමදී ත්‍රස්‌ත ප්‍රහාරයක්‌ එල්ල කිරීමට සැලසුම් කිරීම – සෂිකලා කන්දවේලු

අනුරාධපුර රඹෑව – පුද්ගල නාශක බෝම්බ ප්‍රහාරය – මොහමදු අක්‌බාර් කන්දවේලු විජයකුමාර් මොහමද් ඉන්දික්‌ – මයුරා හෙවත් සාදික්‌,

ශ්‍රී ලංකාවේ හිටපු පාකිස්‌තාන් මහ කොමසාරිස්‌ ඝාතනය කිරීමට තැත්කිරීම සුබ්‍රමනියම් සුමෙන්ද්‍ර රාජා – රාජා හෙවත් කාරන්,

මහනුවරදී ට්‍රාන්ස්‌පෝටර් දුම්රිය පාලම් පිපිරවීමට සැලසුම් කිරීම වේලු යෝගරාජා – සුන්දරමානි සිවකුමාර් – තාවනා සිවමූර්ති,

විල්පත්තු වනෝද්‍යානයේදී සිවිල් වැසියන් 7 ක්‌ ඝාතනය කිරීම. සිමියොන් සන්දිරියෝගි – සරිල් රාමසාමි, මුත්තු මරික්‌කාර් අබ්දුල් සලීම්, සින්නයියා පාක්‍යනාදන්, සන්දන් ස්‌ටානිස්‌ රටේන්, රාගමන් සුරේෂ්,

විල්පත්තුවේදී හමුදා නිලධාරි 8 ක්‌ ඝාතනය කිරීම – සිවසිලන් සිවප්‍රකාශන්, මොනරාගලදී පොලිස්‌ මුරපලකට ප්‍රහාර එල්ලකර පොලිස්‌ භටයන් තිදෙනකු ඝාතනය කිරීම, සුන්දරලිංගම් තේදිස්‌වරම්.

ගාලු නාවික කඳවුරට ප්‍රහාර එල්ල කිරීම – නිශාන්ත එදිරිසිංහ ගජවීර ගුණරත්න, ඉලංගෝ කන්දයියා – වෛරමුත්තු සරෝජා,

කොළඹ දී ලංගම බස්‌ රියක්‌ පුපුරුවා හැරීම – මන්දසේකරන්,

මගීන් 55 ක්‌ රැගත් ලයන් එයාර් යානාවට සහ එම් අයි 24 ප්‍රහාරක හෙලිකොප්ටරයකට මිසයිල ප්‍රහාර එල්ල කිරීම – එස්‌. නිල්ලරාඡ්

අනුරාධපුරයේ විල්පත්තුවේදී හමුදා භටයන් 37 කගේ මරණ සිදුකිරීම – අයි. ජෙගන් එස්‌. සිවලිංගම්,

පාදුක්‌කේදී මගී බස්‌ රියක පිපිරීමක්‌ සිදුකිරීම – රාමසාමි, ක්‍රිෂ්ණකාන්තන් වීරකුමාර රගුලන්.

පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහනය – දේවරාසා සිවපාලන්, ලොරික්‌ භාවිත කර මරාගෙන මැරෙන ප්‍රහාරයක්‌ මෙහෙයවීම – රාසයියා දේවරාසා,

දකුණු පළාතේදී පිපිරීමක්‌ සිදුකිරීම – තංගවේලු සිවකුමාර් සෙල්වන් ආනන්දරාසා – එඩ්වඩ් සෑමි සිවලිංගම්, පොල්ගොල්ලේදී මගී බස්‌ රියක්‌ පුපුරුවා හැරීම – මනෝහරන් කාලියදාසන්,

කොටි අත්අඩංගුවේ සිටි හමුදා සහ නාවික භටයන් 27 ක්‌ මරාදැමීම – තිරුවලුවාල්, බෝම්බ කබා සන්තකයේ තබා ගැනීම, නිර්මලන් තංගවේලු

මේ හැර බෝම්බ පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් අසුවූ කොටි ත්‍රස්‌තවාදීන් රැසක්‌ද රැඳවුම්භාරයේ පසුවේ.

ජනාධිපතිවරයාට ඡන්දේ දුන්න නිසා නිදහස්‌ කරන ලෙස සිවාජිලිංගම් සහ ගජෙන්ද්‍රකුමාර්ලා ඉල්ලා සිටින්නේ මෙවන් මිනීමරුවන්ය.

මේ මිනීමරුවන් නිදහස්‌ කරන ලෙස යාපනයේදී කෑගැසූ කනේෂන් යනු මෙයට වසර කීපයකට පෙර පාර්ලිමේන්තුවේදී හමුදාභටයන් 10000 ක්‌ පෙට්‌ටිවලින් කොළඹට එවන බවට වහසිබස්‌ දෙසූ තැනැත්තායි.

සිවාජිලිංගම් සරල ප්‍රශ්නයක්‌ බව ජනාධිපතිට පැවසුවේ මේ කොටි ඝාතකයන් රැඳවුම් භාරයෙන් නිදහස්‌ කිරීමයි.

මේ අතර යක්‍ෂයා ශක්‌තිමත් වන බව පැවැසූ ජනාධිපතිවරයා “යක්‍ෂයා” කවුරුන්දැයි ප්‍රකාශ කළේ නැත. එහෙත් ලන්ඩන් නුවර කොටි වෙබ් අඩවිය පැවසුවේ යක්‍ෂයා යනු මහින්ද රාජපක්‍ෂ බවයි.

yapanaya2එසේ වූවත් උතුරේ යක්‍ෂයන් රැසක්‌ ඇත. කොටි රූකඩය මෙන් කටයුතු කළ ද්‍රවිඩ සංවිධානය යක්‍ෂයන් රැළකි. ජිනීවා නුවරට ගොස්‌ ශ්‍රී ලංකාවට එරෙහි සාවද්‍ය වාර්තා ඉදිරිපත් කරන උතුරේ එන්. ජී. ඕ. කල්ලිය තවත් යක්‍ෂයන් රැළක්‌ බව අමතක නොකළ යුතුයි.

උතුරේ බෙදුම්වාදී යක්‍ෂයන් සිටින විට එක්‌සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත හෙවත් රැපොටියර් නමින් හඳුන්වන පැබිලෝ ඩි ග්‍රෙයිප් පසුගිය 10 වැනිදා මෙරටට පැමිණියේය.

ඔහු පැමිණීමත් සමඟ මෙරට විදේශ කටයුතු බලධාරීන් පැවසුවේ එවන් විශේෂ නියෝජිතයන්ගේ නිර්දේශ ඉටුකිරීමට රජය බැදී නැති බවයි. එසේ නම් ඔහුට මෙරටට ඒමට ආරාධනා කළේ ඇයි?

මෙරටට පැමිණි පැබිලෝ පසුගිය 12 දා මුලතිව්හි මුල්ලිවයික්‌කාල් ප්‍රදේශයේ නිරීක්‍ෂණ සංචාරයක යෙදුනි. ඔවුන් ද්‍රවිඩයන් විශාල පිරිසක්‌ මියගිය බවට ද්‍රවිඩ සන්ධානය දක්‌වන ස්‌ථානද විමර්ශනයට ලක්‌කර ඇත.

පැබිලෝ ඇතුළු එක්‌සත්ජාතීන්ගේ කණ්‌ඩායම අනතුරුව කොටි ස්‌මාරකයක්‌ ඉදිකිරීමට යෝජිත ස්‌ථානයද නිරීක්‍ෂණය කර තිබේ. එහිදී මාර්ගෝපදේශකයන් ලෙස ක්‍රියාකර ඇත්තේ ද්‍රවිඩ සන්ධානයේ නියෝජිතයන් කීපදෙනෙකි.

පසුව පැබිලෝ ඇතුළු පිරිස රැඳවුම් භාරයේ සිටින හිටපු කොටි ත්‍රස්‌තයන්ගේ පවුල්වල පිරිසක්‌ද හමුවී සාකච්ඡා පවත්වා ඇත.

මෙහිදී නැගෙන බරපතල ප්‍රශ්නය නම් උතුරු පළාත් සභාව විසින් කොටි ස්‌මාරකයන් ඉදිකිරීමට සැලසම්කර ඇති ස්‌ථානය පැබිලෝ පරීක්‍ෂාවට ලක්‌කිරීමයි.

මෙලෙස කාශ්මීර් හෝ සික්‌ ත්‍රස්‌තවාදීන් සිහිපත් කිරීම සඳහා ස්‌ථානයක්‌ විමර්ශනය කිරීමට ඉන්දීය රජය ඉඩදෙනු යයි සිතිය හැකිද? මේ අද උතුරේ පවතින තත්ත්වයයි. රජයේ යාන්ත්‍රණය අන්ධයන් සහ බිහිරන් ලෙස බලාසිටියදී එක්‌සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයා ත්‍රස්‌තවාදීන් වෙනුවෙන් ස්‌මාරක ඉදිකිරීමටද මැදිහත්වී ඇත.

මෙය පුදුමයක්‌ නොවේ. පසුගිය සැප්තැම්බර් මස දිනෙක කිලිනොච්චි අධිකරණය පැවසුවේ දිසා ලේකම්වරුන්ගේ අවසරය මත කිලිනොච්චි කනගපුරම් කොටි සුසාන භූමිය නැවත ස්‌ථාපිත කළ හැකිබවයි.

මේ කොටි සුසාන භූමිය හෙවත් ඝාතකයන්ගේ සොහොන් පිටි යළි ස්‌ථාපිත කිරීමට මුල්වී ඇත්තේ කිලිනොච්චි මන්ත්‍රී සිවඥනම් ශ්‍රීධරන්ය. මොහු විවාහ වී සිටින්නේ යාපනය කොටි හමුදා නායක තිපන්ගේ සොහොයුරිය සමඟය. මෙම කොටි සොහොන් පිටිය ස්‌ථාපිත කිරීමේ ක්‍රියාදාමයේ නිරත වී ඇති තවත් අයෙක්‌ නම් වව්නියා පුරවැසි කමිටුවේ සභාපති රාඡ් කුමාර් ගෝපාල්ය. ඔහුට වන්නි මන්ත්‍රිනී ශාන්තිනී ශ්‍රී ස්‌කන්ධරාජාද සහය පළකර තිබුණි.

මෙවන් පසුබිමක්‌ මැද බ්‍රිතාන්‍යයේ නෙස්‌බී සාමිවරයා ශ්‍රී ලංකාවට එල්ල වී ඇති යුද අපරාධ චෝදනා බොරු බව පාර්ලිමේන්තුව හමුවේ හෙලිකරනු ලැබීය. එහෙත් නෙස්‌බි සාමිගේ ප්‍රකාශයට ශ්‍රී ලංකා රජය යහපත් ප්‍රතිචාරයක්‌ දැක්‌වූයේ නැත.

නේසබී සාමිවරයා මෙලෙස ප්‍රකාශ කළේය.

දෙමළ සිවිල් වැසියන් 40000 ක්‌ මරුමුවට පත්වූ බවට එල්ලවන ප්‍රචාරය බොරුවක්‌. මියගියේ 7000 ත් 8000 ත් අතර සංඛ්‍යාවකි. බ්‍රිතාන්‍ය රජය මේ බව මානව හිමිකම් කවුන්සිලයට සහ එක්‌සත්ජාතීන්ගේ සංවිධානවලට ඒත්තු ගැන්විය යුතුය.

එක්‌සත්ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශයට පත් නොකළ වාර්තාවක්‌ මා සොයාගනු ලැබුවා. එහි සඳහන් වූයේ 2008 අගෝස්‌තු මස සිට 2009 මැයි 13 දක්‌වා මියගිය සිවිල් වැසියන් සංඛ්‍යාව 7721 ක්‌ ලෙසිනුයි. වන්නි මෙහෙයුම දින 6 කට පෙර අවසන්වුණා. එසේ නම් 40000 ක්‌ මියගියේ කෙසේද?

එක්‌සත්ජාතීන්ගේ ප්‍රකාශක ගෝඩන් වෙයිස්‌ පැවසුවේද මියගිය සිවිල් වැසියන් සංඛ්‍යාව 7000 ක්‌ බවයි. හිටපු ඇමරිකානු තානාපති රොබට්‌ බ්ලේක්‌ගේ අප්‍රේල් 7 වාර්තාවට අනුව ජනවාරි 20 සිට අප්‍රේල් 6 දක්‌වා මියගිය සිවිල් වැසියන් සංඛ්‍යාව 4164 යි.

2009 ජනවාරි මස කොළඹ බ්‍රිතාන්‍ය හමුදා නිලධාරි ආප්ටන් ගේෂ් ශ්‍රී ලංකා හමුදාව සිවිල් වැසියන්ට පැනයැමට උදව්කළ බවයි. ඔහුගේ ප්‍රකාශය සාධාරණය.

බ්‍රිතාන්‍යයේ මේජර් ජනරාල් ජෝන් හොල්ම්ස්‌ගේ 2015 මාර්තු වාර්තාවට අනුව මියගිය සිවිල් වැසියන් සංඛ්‍යාව 7000 ත් 8000 ත් අතර බව සඳහන් කර තිබුණා. මේ නිසා තොරතුරු දැනගැනීමේ ආඥපනත යටතේ පොදු රාජ්‍ය මණ්‌ඩල කාර්යාලය වෙතින් 2009 ජනවාරි 1 දා සිට මැයි 19 තෙක්‌ කොළඹ බ්‍රිකාන්‍ය මහකොමසාරිස්‌ කාර්යාලය ලන්ඩන් නුවරට එවූ වන්නි මෙහෙයුමේ වාර්තාවල විස්‌තර ඉල්ලා සිටියා. එහෙත් මගේ ඉල්ලීම් දෙවතාවක්‌ම බ්‍රිතාන්‍ය විදේශ කටයුතු කාර්යාලය ඉවතදැමුවා. මේ නිසා එම තොරතුරු දැනගැනීමේ කොමසාරිස්‌වරිය වෙත අභියාචනයක්‌ ඉදිරිපත් කළා. ඇගේ නියෝගය මත පිටු 26 ක තොරතුරු මා වෙත ලබාදීමට විදේශ කාර්යාලය කටයුතු කළා.

ජනවාරි 28 දා කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ කාර්යාලයෙන් එවා තිබූ රහස්‌ වාර්තාවක මෙලෙස සඳහන් කර තිබුණි.

කොටි ක්‍රියාකාරියන් සහ සිවිල් වැසියන් හඳුනාගැනීම අපහසුයි. කොටි කීපදෙනෙක්‌ නිළ ඇඳුමින් සැරසී සිටියා.

පෙබරවාරි 16 දා වාර්තාවේ මෙලෙස දන්වා ඇත. අවතැන්වූවන්ට ත්‍රිකුණාමලයේ පහසුකම් සලසා ඇත. ජනවාරි 20 දා එවාතිබූ තවත් වාර්තාව සඳහන්වූයේ ක්‌ල්ස්‌ටර් බෝම්බ භාවිත කර නැති බවයි.

අප්‍රේල් 26 දා කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ කාර්යාලය ලන්ඩන් නුවරට එවූ වාර්තාවේ දක්‌වා තිබුණේ පෙබරවාරි 1 සිට අප්‍රේල් 26 තෙක්‌ මියගිය සිවිල් වැසියන් සංඛ්‍යාව 6432 ක්‌ බවයි.

මේ නිසා සිවිල් වැසියන් කීදෙනෙක්‌ මියගියාද යන්න ස්‌ථිර සංඛ්‍යාලේඛන නැත. එහෙත් 40000 ක්‌ මියගිය බවට චෝදනා එල්ල කරන්නේ විවිධ මානව හිමිකම් සංවිධානයි. දසදහස්‌ ගණනක්‌ ඩයස්‌පෝරා ක්‍රියාකාරීන්ද එම චෝදනාව නගනවා. ඉන් වැඩිදෙනා කොටි ආධාරකරුවන් හිටපු අගමැති ඩේවිඩ් කැමරන් මැදිහත්වූ චැනල් පෝ රූපවාහිනිය සහ ටැමිල්නෙට්‌ වෙබ් අඩවියද මේ 40000 ක ද්‍රවිඩ වැසියන් මියගිය බවට එල්ල කරන චෝදනාව පසුබිමේ සිටිනවා. මේ වාර්තා සංස්‌කරණය කර තිබුණා.”

මේ පසුබිම මැද උතුරු නැගෙනහිර සම්බන්ධීකරණ කමිටුව නමින් හඳුන්වාගත් රාජ්‍ය නොවන සංවිධානයක්‌ පැබිලෝ ඩි ග්‍රෙයිප් හමුවී පිටු 6 ක වාර්තාවක්‌ ලබාදී ඇත.

ග්‍රෙයිප් ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත සපයන සිය වාර්තාවට අමුද්‍රව්‍ය ලබාගන්නේ මෙවන් පට්‌ටපල් බොරු වාර්තා වලිනි.

එහි මෙලෙස සඳහන් කර ඇත.

1. හමුදාව සමඟ එක්‌වී උතුරු නැගෙනහිර බෞද්ධකරණය කර ඇත.

2. බරපතල මානව හිමිකම් කඩකල හමුදා නිලධාරීන්ගේ සේවය අත්හිටුවිය යුතුය.

3. උතුරේ හමුදා බලය සියයට 70 කින් අඩු කරනු.

4. සිංහල බෞද්ධකරණය වර්ජනය වීම වළක්‌වනු.

5. යුද අපරාධ චෝදනා ගැන විමර්ශනය සඳහා හයිබ්‍රිඩ් අධිකරණ විමර්ශනයක්‌ සහ ජාත්‍යන්තර පරීක්‍ෂණයක්‌ පවත්වනු.

6. සංක්‍රාන්ති යුක්‌තිය ඉටුකිරීමට එක්‌සත්ජාතීන්ගේ මැදිහත්වීමක්‌ ලබාදෙනු.

7. ද්‍රවිඩ ජනතාවට පෙඩරල් පාලනයක්‌ ලබාදීමට ක්‍රියාකරනු.

8. දේශපාලන සිරකරුවන් මුදාහරිනු

9. ද්‍රවිඩයන්ට සිදුවන හිංසා ක්‍රියානතර කරනු.

මෙලෙස උතුරු නැගෙනහිර රාජ්‍ය නොවන සංවිධානයක්‌ පිහිටුවා ගත් තක්‌කඩි පිරිසක්‌ පැබිලෝ ඩි ග්‍රෙයිප්ට බොරු වාර්තා ඉදිරිපත් කරද්දී ඔහු වැල්ලවත්ත, වත්තල, හැඳල යන ප්‍රදේශවල සැරිසරා රටේ නිසි තත්ත්වය විමර්ශනය නොකරන්නේ මන්ද?

එක්‌සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයාගේ සාකච්ඡාද පවත්වන්නේ උතුරු නැගෙනහිර පාර්ශව සමඟය. ගෝලීය ශ්‍රී ලංකා සංසදය පැබිලෝ වෙතින් සාකච්ඡාවක්‌ ඉල්ලා යෑවූ ලිපියට මෙතෙක්‌ ප්‍රතිචාර දක්‌වා නැත. මේ නිසා එන්ජීඕ ක්‍රියාකාරීන් මහත්මයකු ලෙස හඳුන්වන පැබිලෝ ඒකපාක්‍ෂිකව ක්‍රියාකරන සුද්දෙකි.

එම තත්ත්වය මත 2018 ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත ඔහු ඉදිරිපත් කරන වාර්තාව කුමක්‌දැයි අපට දැන්සිටම කිවහැකිය.

වන්නි මෙහෙයුමේ අවසන් යුද්ධය පැවැති මුල්ලිවයික්‌කාල් ප්‍රදේශය නිරීක්‍ෂණයට ලක්‌කිරීමෙන් පැබිලෝ සැරසෙන්නේ කුමකටදැයි තහවුරුවේ. මේ අයුරින් ඔහු ඉරාක යුද්ධ භූමිය හෝ සිරියාව සහ යේමන් යුද්ධ භූමි නිරීක්‍ෂණය කළේද?

මේ අතර අතුරුදන්වූ බව කියන මුහුදු කොටි නියෝජ්‍ය නායක ලෝගේස්‌වරන් රාජා හෙවත් සීලන් ත්‍රිකුණාමලයෙන් මතුවිය. ඔහු රජයේ ඇමැතිවරයකුගේ නිවසට ගොස්‌ සාකච්ඡා පවත්වා ඇත.

සීලන් යනු නාවික හමුදා බෝට්‌ටු වැනසීමට මුල්වූ ත්‍රස්‌තයෙකි. එහෙත් නඩු නැතිව සීලන් නිදහස්‌ විය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles