”සිවිල් කටයුතුවලට ආරක්ෂක හමුදාවන්හී කිසිදු මැදිහත්වීමක් නෑ ”

0
307

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීම සදහා හදිසි නීතිය බලාත්මක කිරීම සහ සිවිල් කටයුතු සදහා ආරක්ෂක අංශ සාමාජිකයන් යොදාගැනීම ඇතුලු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහකොමසාරිස් වරිය ශ්‍රී ලංකාව පිළිබද කර තිබූ කරුණු දැක්වීම සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය කුමක්දැයි අද පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් ප්‍රශ්ණ කළා.

එහිදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේ විදේශ අමාත්‍ය මහාචාර්යය ජී එල් පීරිස් මහතා විසින් අද දිනයේදී මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට නියමිත බවයි.

සිවිල් කටයුතු සදහා ආරක්ෂක හමුදාවන්ගේ කිසිදු මැදිහත්වීමක් මේ මොහොතේ රටතුල සිදු නොවන බවද මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්ණවලට පිළිතුරු දෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අවධාරණය කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here