Saturday, September 21, 2024

සිස්ටම් චේන්ජ් නැතුව ලංකාවේ ජනාධිපතිකම පූටින්ට දුන්නත් සිස්ටමි එනේ මිනිහා නතර වෙන්නෙ හොරෙක් වෙලා

උකස් කළ ගෙදර බේර ගන්නවා මිසක බැංකුවේ ලොකු මහත්තයා සමඟ බැණ අඬ ගහගෙන තේරුමක් නොමැති සේ රටේ system change එකකින් මිස මෙරටේ කිසිදු වෙනසක් කළ නොහැකි බව රෝහණ විජේවීර මහතාගේ පුත් උවිඳු විජේවීර  පවසයි.

හැත්තෑ එක් වසරක් තුළ බිහි වූ සමාජ ආර්ථික අර්බුදය විසඳීමට නම් අලුත් පිරිසක් සමඟ අලුත් දේශපාලන ව්‍යාපාරයක් අවශ්‍ය බව ඔහු කියයි.

“අප ඉන්දියාව සමග හැප්පි වැඩක් නැති අතර උපක්‍රමශීලීව හම්බන්තොට වරාය ත්‍රිකුණාමලය තෙල් ටැංකි ටික බේරා ගැනීමට කටයුතු කළ යුතුයි.

තරුණ පරපුර නිෂ්පාදන ආර්ථිකයට රැගෙන යා යුතු සේම අලුත් ව්‍ය්වසායකයින් නිර්මාණය කිරීමත් රටේ මත්ස්‍ය හා සාගර සම්පතින් ඵල ප්‍රයෝජන ගැනීම වැනි කාරණා වලට අවධානය යොමු කළ යුතු අතර මේ සඳහා සිස්ටම් චේන්ජ් එකක් අවශ්‍යයි. මේ රටේ බලයට රැසියාවෙි ජනාධිපති පූටිං ආවත්, චීන ජනාධිපතිවරයා ආවත් මේ ක්‍රමය තුළ ඔහු ද හොරෙක් වෙනවා” යැයිද ඔහු රැස්වීමක් අමතමින් පවසා තිබේ.

තාත්තලා ගත්ත උපක්‍රම අපට තෝරාගන්න බැරි වෙයි. ඒ සටන් මේ කාලයට ගැලපෙන්නේ නෑ. ස්මාට් ෆෝන් එකත් එක්ක ගැට ගැහිච්ච ලෝකයක් අද තියෙන්නේ ඒ ලෝකය ඇතුලේ අපට අලුත් සටනක් කරන්න යැයි උවිඳු විජේවීර මහතා පැවසීය.

සේවා, කෘෂි සහ නිෂ්පාදන ආර්ථිකය නිසි කළමනාකරණයකට ලක් කරලා මේ ආර්ථික ගැටලුවට විසඳුම් ලබාගෙන රට ගොඩ ගන්න පුලුවන්. ඒවා කරන්න පුලුවන් මිනිස්සු මේ රටේ ඉන්නවා. නිල්, කොළ, රතු විදියට නැත්නම් ටොයියෝ, බයියෝ, ජෙප්පෝ කියලා දැන් මේ රට බෙදිලා ඉන්නවා. මේ පක්‍ෂ තුල අඩුවැඩි වශයෙන් හොඳ මිනිස්සු ඉන්න පුලුවන්. මේ බෙදීම රටට හොඳ නැහැ. නරක මිනිස්සු එකතුවෙලා මේ රට විනාශයට ඇදගෙන යනවා. නරක මිනිස්සුන්ට එකට එකතුවෙන්න පුලුවන් නම් එක පක්‍ෂයකට ලඝු නොවූ හොඳ මිනිස්සුන්ට එකට එකතු වෙන්න පුලුවන් වේදිකාවක් තිබිය යුතුයි.

හැම පක්‍ෂයකම ඉන්න හොඳ මිනිස්සුන්ට එකට එකතුවිය හැකි වේදිකාවක් ලෙස තමයි අපි දෙවන පරපුර නිර්මාණය කරන්නේ. දෙවන පරපුරට අවශ්‍ය ප්‍රතිපත්ති මතවාදය යම් ප්‍රමාණයකට නිර්මාණය කරලා තියෙනවා. දෙවන පරපුර හැටියට ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ගෙනයනවාට වැඩිය අපි හිතන්නේ ජාතික චින්තනයක් ගොඩ නගන්න. මේ රටට උවමනා ජාතික චින්තනයක්. ඊට අවශ්‍ය සම්පත්, ආගමික නායකයන්, විද්වතුන්, බුද්ධිමතුන්, තරුණයන් එකතු කරමින් මේ ජාතික චින්තනය පෝෂණය කරන්න ඕනෑ වැඩපිළිවෙල අපි නිර්මාණය කරගෙන යනවා. ඒකට අපිට මිනිස්සු ඕනෑ. අපේ බලාපොරොතතුව තවත් උවිඳු විජේවීර චින්තනයක් හදන්න නෙවෙයි. අවුරුදු හැත්තෑතුනක් තිස්සේ අපි අරයගේ චින්තනය, අරයගේ දැක්ම කියන ඒවා පස්සේ ගියා. නමුත් අපිට ජාතික චින්තනයක් නැතිවුණා. අපිට ඕනෑ පක්‍ෂ දේශපාලනයක් නෙවෙයි ජාතික චින්තනයක්. ජාතික දැක්මක්. ඒක මේරටේ මිනිස්සුන්ට දිය යුතුයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles