Thursday, January 23, 2025

සිසිලියා කොතලාවල කොටුවෙයි..!

සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති ලලිත් කොතලාවලගේ බිරිඳ වන සිසිලියා කොතලාවල අත්අඩංගුවට ගෙන තිබේ. ගෝල්ඩන් කී ආයතනයේ අධ්‍යක්ෂකවරියක් ලෙස කටයුතු කරමින් සිටි ඇය එම ආයතනය කඩාවැටෙද්දී ශ්‍රී ලංකාවෙන් පලාගොස් සිටියහ.

ඇය කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී ආගමන විගමන බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සහකාර පොලිස් අධිකාරී, පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර පැවසුවේය.

සිසිලියා කොතලාවල ගල්කිස්ස සහ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණවල ඇති නඩු කිහිපයක් සම්බන්ධයෙන් ඇය අත් අඩංගුවට ගන්නා ලෙස ආගමන හා විගමන නිලධාරීන් හට අධිකරණය විසින් 2009 වර්ෂයේදී නියෝගයක් නිකුත් කොට ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර සඳහන් කළේ.

ඒ අනුව, විදේශ ගතව සිට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් ලංකාවට පැමිණි අවස්ථාවේ ගුවන්තොටුපළේදී ඇය අත්අඩංගුවට ගෙන ආගමන විගමන බලධාරීන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදුන් බවයි ඔහු ප්‍රකාශ කළේ. ඇය සමග නීතීඥයෙක් සහ බ්‍රිතාන්‍ය වෛද්‍යවරයෙක්ද පැමිණසිටි අතර අත්අඩංගුවට පත්වන අවස්ථාවේ ඇය අසනීප තත්ත්වයෙන් පසුවන බව ප්‍ර‍කාශ කල හෙයින් පොලිස් ආරක්ෂාව යටතේ පුද්ගලික රෝහලකට ඇතුළත් කර ඇත. ඇය පැමිණ තිබෙන්නේ ඩුබායි නුවර සිටය.

හෙට, සිකුරාදා අදාළ මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඇය බොහෝ විට ඉදිරිපත් කිරීමට ඉඩ ඇති බවත් සහකාර පොලිස් අධිකාරී, පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර තවදුරටත් පැවසුවේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles