Saturday, December 28, 2024

සිසුන් අතරමං උසස්‌ පෙළ මාධ්‍ය විෂය නිර්දේශය අවුල් ගොඩක්‌

සාමාන්‍යයෙන් සිය ඉල්ලීම දිනා ගැනීම සඳහා ගුරුවරු පැමිණෙන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටටය. එහෙත් උසස්‌ පෙළ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂයය උගන්වන ගුරුවැරු පසු ගිය 25 වැනිදා ජාතික අධ්‍යාපන ආයතනය ඉදිරිපිටට පැමිණ විරෝධතාවක නිරත වූහ. ඊට හේතු වූයේ මේ වන විට බරපතළ කතාබහක්‌ ඇති වී ඇති උසස්‌ පෙළ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය නව විෂයය නිර්දේශය සම්බන්ධයෙනි. එම විෂය උගන්වන සියලුම ගුරුවරු නව විෂය නිර්දේශයට විරුද්ධ ය. විෂයය නිර්දේශය සකස්‌ කිරීමේදී වගකීම පැවරෙන්නේ ජාතික අධ්‍යාපන ආයතනයට වන හෙයින් ගුරුවරු අමාත්‍යාංශය ඉදිරිපිටට නොව එම ආයතනය ඉදිරිපිටට පැමිණියහ. උද්ඝෝෂණයේ යෙදුණු ගුරුවරු ඉල්ලා සිටියේ නව විෂයය නිර්දේශය සංශෝධනය කර ලබන වසරේ සිට ක්‍රියාත්මක කරන ලෙස ය. එදින ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්‌ෂ ජනරාල් ආචාර්ය ජයන්ති ගුණසේකර මහත්මිය සමග පවත්වන ලද සාකච්ඡාවේ ඇය ප්‍රකාශ කර ඇත්තේ නොවැම්බර් 07 වැනි දින පැවැත්වෙන ශාස්‌ත්‍රීය කටයුතු මණ්‌ඩලයේ මේ පිළිබ`දව තීරණයක්‌ ගන්නා බවයි.

උසස්‌ පෙළ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂයය ආරම්භ කළ වර්ෂයේ සිට එම විෂයය උගන්වා පළපුරුදු ගුරුවරයකු ලෙස අදහසක්‌ දැක්‌වීම මේ අවස්‌ථාවේදී යෝග්‍යය ය. මේ සම්බන්ධයෙන් ලිපි කිහිපයක්‌ම දිවයින පුවත්පතේ මෙයට පෙර පළ වී ඇති බැවින් එම තොරතුරු අත් හැර දැනට උද්ගත වී ඇති තත්ත්වය ගැන පැහැදිලි කිරීමක්‌ කළ යුතුය.

උසස්‌ පෙළ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය සංශෝධිත විෂය නිර්දේශය පාසලට ලබා දිය යුතුව තිබුණේ පාසලේ දෙවැනි වාරයේදීය. එහෙත් එය අන්තර්ජාලයට එක්‌ කර ඇත්තේ අගෝස්‌තු 29 වන දිනය. ඒ අතර කාලය තුළ පැරණි විෂය නිර්දේශය මාස දෙකකට වැඩි කාලයක්‌ පාසලේ උගන්වා තිබිණි. පාසල් අධ්‍යාපනය වෙනුවෙන්ම පිහිටුවා ඇති ජාතික අධ්‍යාපන ආයතනය මෙම තත්ත්වය ඉතා සුළුවෙන් සලකා ඇති බව පෙනේ.

දැන් ජාතික අධ්‍යාපන ආයතනය උත්සාහ ගන්නේ තමන් අතින් වූ වරද වසා ගැනීම ස`දහා දඩි බිඩියේ අවිධිමත් ලෙස ගුරු පුහුණුව ලබා තුන්වැනි පාසල් වාරයේදී මෙම දෝෂ සහගත විෂය නිර්දේශය උගන්වන්නට පාසල් ගුරුවරුන්ට බලහත්කාරකමක්‌ කිරීමයි. එවිට ඇති වන අධ්‍යාපන අවුල ගැන ජාතික අධ්‍යාපන ආයතනයේ හෝ එහි ශාස්‌ත්‍රීය කටයුතු මණ්‌ඩලයේ හෝ කිසිදු සැලකිල්ලක්‌ ඇති බවක්‌ නොපෙන්.

එපමණක්‌ නොව මෙම අභිනව විෂය නිර්දේශය සම්බන්ධයෙන් විරෝධතාව පළ කරන උසස්‌ පෙළ මාධ්‍ය ගුරුවරුන් ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති විරෝධතා ලිපිවල දක්‌වා ඇති කරුණු කිහිපයක්‌ මෙසේ කෙටියෙන් දැක්‌විය හැකිය.

1. විෂය නිර්දේශයේ අන්තර්ගතයෙහි පවතින සංකීර්ණ බව

2. පෙර පැවති විෂය නිර්දේශයේ අන්තර්ගතව තිබූ විෂය කරුණු කිසිදු තාර්කික පදනමක්‌ නොමැතිව අත්තනෝමතිකව සියයට 80කටත් වඩා ඉවත් කිරීම

3. විෂය නිර්දේශය විධිමත්ව ගලා ගෙන යන ස්‌වභාවයක්‌ නොමැති වීම

4. එකම විෂය කරුණු එක්‌ එක්‌ පාඩම්වල නැවත නැවත ඉදිරිපත් කර තිබීම

5. ප්‍රායෝගික අත්දැකීම් රහිත සාම්ප්‍රදායික විෂය නිර්දේශයක්‌ වීම.

6. මුල් විෂය නිර්දේශය පාසල් පද්ධතියට උචිත වුවත් නව විෂය නිර්දේශය විශ්වවිද්‍යාල පද්ධතියට ගැලපෙන ලෙස සකසා තිබීම

7. පැවති විෂය නිර්දේශය සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක්‌ පාසල් පද්ධතිය තුළ උද්ගත වී නොමැති අවස්‌ථාවක එය සම්පූර්ණයෙන් වෙනස්‌ කිරීම මගින් එම විෂයයේ හරය විනාශ වී තිබීම

8. විෂයයට අනුකූලව දරුවන්ට මූලිකවම ඉගැන්විය යුතු කොටස්‌ ඉවත් කර තිබීම

9. විෂය නිර්දේශය සමතුලිත නොවීම

10. උසස්‌ පෙළ දරුවන්ට අනවශ්‍ය හා අවබෝධ කර ගත නොහැකි විෂය කොටස්‌ නව විෂය නිර්දේශයට ඇතුළත් කර තිබීම

මාධ්‍ය ගුරුවරු ඉදිරිපත් කරන මෙවැනි විරෝධතා ගැන කිසිදු ප්‍රකාශයක්‌ මේ වන තෙක්‌ ජාතික අධ්‍යාපන ආයතනය කර නැත. පාසල් විෂය මාලා සම්පාදනය පිළිබ`දව වඩාත් මානවවාදීව, සද්භාවයෙන් හා ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කිරීම වෙනුවට, කුමන්ත්‍රණකාරී ලෙසත්, හිතුවක්‌කාර ලෙසත්, වංක ලෙසත් ජාතික අධ්‍යාපන ආයතනය හා ශාස්‌ත්‍රීය කටයුතු මණ්‌ඩලය කටයුතු කිරීම කෙරෙහි කිසිදු බලධාරියෙක්‌ හෝ නිලධාරියෙක්‌ මෙතෙක්‌ මැදිහත් වී නැත. එපමණක්‌ නොව මෙම දෝෂ සහගත විෂය නිර්දේශය ශාස්‌ත්‍රීය කටයුතු මණ්‌ඩලය අනුමත කර ඇත්තේ පෙර පැවති විෂය නිර්දේශ හා නව විෂය නිර්දේශය අතර වෙනස පිළිබඳ කිසිදු අධ්‍යයනයක්‌ නොමැතිව බව ද පෙනේ. ජනසන්නිවේදනය පිළිබ`ද ආචාර්ය උපාධිධාරියකු ද එම ශාස්‌ත්‍රීය කටයුතු මණ්‌ඩලයේ සාමාජිකයකු ලෙස කටයුතු කර ඇත.

විෂය මාලා සංවර්ධනය හෝ සංශෝධනය සිදු විය යුත්තේ එම ක්‌aෂේත්‍රයේ සියලු දෙනාටම පිළිගත හැකි වන ආකාරයෙන් බවට මත දෙකක්‌ තිබිය නොහැකිය. එහෙත් දැන් සිදු වී ඇත්තේ තිදෙනකුට පමණක්‌ අවශ්‍ය ලෙස සමස්‌ත විෂය නිර්දේශය ම වෙනස්‌ කරන්නට ඉඩ කඩ ලබා දීමයි. එපමණක්‌ නොව ශාස්‌ත්‍රීය කටයුතු මණ්‌ඩලය හා ජාතික අධ්‍යාපන ආයතනයේ අදාළ නිලධාරීන් කටයුතු කර ඇති ආකාරය ද සපුරා අශාස්‌ත්‍රීය බව මේ වන විටත් තහවුරු වී තිබේ. ඒ අනුව බැලූ විට ජාතික අධ්‍යාපන ආයතනය විසින් කරනු ලබන්නේ පාසල් අධ්‍යාපනය නගා සිටුවීම වෙනුවට විනාශ කිරීම බව පෙනේ.

උසස්‌ පෙළ මාධ්‍ය ගුරුවරුන් වශයෙන් අප ඉල්ලා සිටින්නේ ඉල්ලීම් තුනකි.

1. මේ වන තෙක්‌ ක්‍රියාත්මක වූ පැරණි විෂය නිර්දේශය 2018 වර්ෂය දක්‌වා බාධාවකින් තොරව ක්‍රියාත්මක කිරීමට ඉඩ දී නව විෂය නිර්දේශය අත්හිටුවීම

2. උසස්‌ පෙළ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය නිර්දේශය සම්බන්ධයෙන් සිදු වී ඇති අකටයුතුකම් හා අශාස්‌ත්‍රීය ක්‍රියාකාරකම් විමර්ශනය කිරීම ස`දහා අධ්‍යාපන අමාත්‍යාංශයේ මට්‌ටමින් ස්‌වාධීන විමර්ශන කමිටුවක්‌ පත් කිරීම

3. උසස්‌ පෙළ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය පැවති විෂය නිර්දේශය සංශෝධනය කිරීම ස`දහා සියලු දෙනාට ම පිළිගත හැකි නව කමිටුවක්‌ පිහිටුවා විෂය නිර්දේශය සංශෝධනය කිරීම

මේ සම්බන්ධයෙන් නිසි අවධානය යොමු කොට අවංකව, මානවවාදීව හා ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කිරීම මගින් පාසල් අධ්‍යාපනය විධිමත්ව ක්‍රියාත්මක කිරීම ජාතික අධ්‍යාපන ආයතනයේ ද, ශාස්‌ත්‍රීය කටයුතු මණ්‌ඩලයේa මෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයේ ද වගකීමයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles