Sunday, January 12, 2025

සිසුන් 200 ට අඩු පාසල් 1-5 දක්වා අද විවෘත කෙරේ

සිසුන් 200 ට අඩු පාසල්වල පළමුවන ශ්‍රේණියේ සිට පස්වන ශ්‍රේණිය දක්වා ප්‍රාථමික අංශ අධ්‍යයන කටයුතු සඳහා අද නැවත විවෘත කෙරෙනවා.

අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ පළමු අදියර යටතේ දිවයින පුරා පාසල් 3800 ක් පමණ ඒ අනුව අද සිට විවෘත කෙරෙන බවයි.

දෙවැනි අදියරේ දී සිසුන් 200 ට වැඩි පාසල්වල 01 සිට 05 ශ්‍රේණි විවෘත කෙරෙනු ඇති.

සමස්ත සිසුන් සංඛ්‍යාව 200 ට අඩු පාසල්වල 10, 11, 12 සහ 13 ශ්‍රේණි 03 වන අධියරේදී විවෘත වනවා.

හතරවන අධියර යටතේ සියලූම පාසල්වල සියලූම ශ්‍රේණි විවෘත කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය කියාසිටියා.

ඒ අනුව ළමුන් 200ට අඩු පාසල්වල ප්‍රාථමික ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු අද දිනයේ සිට ආරම්භ කිරීමට නියමිතය.

පාසල්වල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම සදහා අවශ්‍ය සියලු පහසුකම් පාසල්වලට ලබා දී ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කළේ.

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ අවස්ථා කිහිපයක දී පාසල් වසා දැමීමට සිදුවු අතර පසුගිය අප්‍රේල් මාසයෙන් පසු අධ්‍යයන කටයුතු සඳහා පාසල් විවෘත වන පළමු අවස්ථාව මෙය යි.

අධ්‍යයන කටයුතු සඳහා පාසල් විවෘත කෙරුණ ද ගුරු – විදුහල්පති ඇතැම් වෘත්තීය සමිති පවසන්නේ සිය වැටුප් ගැටලුවට විසඳුම් ලැබෙන තුරු ඉගැන්වීම් කටයුතු සඳහා පාසල්වලට නොයන බවය.

කෙසේවෙතත් ලංකා ගුරු සංගමය ඇතුළු ගුරු –  විදුහල්පති සංගම් කිහිපයක් අද සහ හෙට (22) දිනයේ වැඩ වර්ජනයක නිරත වී ලබන 25 වන දින සිට පාසල්වල ඉගැන්වීම් කටයුතුවල නිරතවීමට තීරණය කර තිබේ

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles