සිසුවෙක්ට පොලීසියෙන් වෙඩි! වැඩ තහනමක් පණවයි.

0
390

මාතර, තිහගොඩ ප්‍රදේශයේ ඊයේ (28) සවස සිදු වූ වෙඩි වැදීමකින් තුවාල ලැබූ අවුරුදු 16 ක පාසල් සිසුවෙක් රෝහල්ගත කර තිබේ.

පොලීසිය පැවසුවේ, පොලිස් නිලධාරියෙකු සමග පොර බැදීමේදී නිලධාරීයා සතු ගිනි අවිය ක්‍රියාත්මක වී වෙඩි වැදීමෙන් එම සිසුවා තුවාල ලබා ඇති බවයි.

තිහගොඩ, නාඉඹුල ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් පරීක්ෂා කිරීමට යාමේදී ඒතුළ සිටි තුන්දෙනෙකු දිවගොස් ඇති අතර දෙදෙනෙකු පොලිස් භාරයේ සිටියදී එක් අයෙකු පොලිස් නිලධාරියෙකු සමග පොරබදා තිබේ.

එහිදී මෙම වෙඩි වැදීම සිදුව ඇතැයි පොලීසිය පැවසුවේ ය.

තුවාල ලැබූ සිසුවා කරාපිටිය ශික්ෂණ රෝහල වෙත මාරු කර යැවීමට පියවර ගත් බව ද පොලීසිය පැවසීය.

මාතර, තිහගොඩ, මිදෙල්ලවල ප්‍රදේශයේ ඊයේ (28) පස්වරුවේ සිදු වූ වෙඩි වැදීමේ සිද්ධිය සම්බන්ධයෙන් 57 හැවිදිරි උපපොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here