සීතා මැතිනිය රාවණ දේශයට සැපත් වෙයි…

0
374
India's Finance Minister Nirmala Sitharaman speaks at the Global Fintech Fest in Mumbai, India, on September 05, 2023. (Photo by Niharika Kulkarni/NurPhoto via Getty Images)

නිල සංචාරයක් සඳහා ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් දිවයිනට පැමිණ තිබෙනවා.

නෙත් නිවුස් කටුනායක ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසුවේ ඉන්දීය මුදල් අමාත්‍යවරිය සමග එරට මුදල් අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් 06 දෙනෙකු ද දිවයිනට පැමිණි බවයි.

එම පිරිස කටුනායක ගුවන් තොටුපොළේ සිට මහනුවර බලා පිටත්ව ගොස් තිබෙනවා.

කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී හෙට පැවැත්වෙන ‘නාම් ටූ හන්ඩ්රට්’  උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙසද ඉන්දීය මුදල් අමාත්‍යවරිය සහභාගි වීමට නියමිතයි.

ඉන්දීය සම්භවයක් ඇති දෙමළ ජාතිකයින් ශ්‍රී ලංකාවට පැමීණිමේ 200 වැනි සංවත්සරය සැමරීම නිමිත්තෙන් එම උත්සවය සංවිධානය කර තිබෙනවා.