සීනි ගබඩා 4කට සීල් තියලා

0
312

වත්තල ප්‍රදේශයේ ගබඩා තුනක සහ මාබිම ප්‍රදේශයේ ගබඩාවක තිබී මාස අටක පමණ කාලයක් වෙළඳපොළට නිකුත් නොකළ සීනි මෙට්‍රික්ටොන් 11,070කට පාරිභෝගික අධිකාරිය අද (31) මුද්‍රා තැබිය.

එඩේරමුල්ල ප්‍රදේශයේ ගබඩාවක තිබී සීනි මෙට්‍රික්ටොන් 5500ක් ද, උස්වැටකෙයියාව ප්‍රදේශයේ ගබඩාවක තිබී සීනි මෙට්‍රික්ටොන් 600ක් ද, හේකිත්ත ප්‍රදේශයේ ගබඩාවක තිබී සීනි මෙට්‍රික්ටොන් 1200ක් ද, මාබිම ප්‍රදේශයේ ගබඩාවක තිබී සීනි මෙට්‍රික්ටොන් 3770ක් ද, මුද්‍රා තැබූ බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

මෙම ගබඩා හතරම පාරිභෝගික කටයුතු අධිකාරියේ ලියාපදිංචි කළ ඒවා වන බවත් එසේ වුවද මාස අටක් වසරක් අතර කාලයකින් සීනි තොග වෙළඳපොළට ඉදිරිපත් කර නොමැති බව තොගවල සටහන් දිනයෙන් සනාථ වන බව පාරිභෝගික කටයුතු අධිකාරියේ උසස් නිලධාරියකු පැවැසීය.ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here