මාස 4 කට ප්‍රමාණවත් සීනි තොග රට තුළ ඇති බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසනවා. මෙරට දෛනිකව සීනි කිලෝග්‍රෑම් ලක්‍ෂ 4 කට වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කෙරෙන බවයි රාජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ සදහන් කළේ.
සීනි සදහා උපරිම සිල්ල මිලක් නියම කරමින් ඉකුත් 2 වනදා සිට බලාත්මක වන පරිදි ගැසට් නිවේදනයක් පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක නිකුත්කර තිබෙනවා.