සීනි ටොන් 5000ක් වරායේ හිරවෙයි

0
293

සතොස සීනි සැපයුම්කරුවන් ආනයනය කළ සීනි ටොන් 5000 කට අධික ප්‍රමාණයක් කොළඹ වරාය තුළ හිරවීම සීනි මිල ඉහළ යාමට ප්‍රධාන හේතුවක් බවට පත්ව ඇතැයි සතොස උසස් නිලධාරියෙක් පැවැසීය.

සතොස මැදිහත් වීමෙන් එම සීනි තොග වරායෙන් නිදහස් කරගැනීමට මේ වන විට උත්සාහ කරමින් සිටින බව කී සතොස ප්‍රධාන නිලධාරියා ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදු වීම මේ වන විට ගැටලුවක් බවට පත්ව ඇති බවද සඳහන් කළේය.

කෙසේ වෙතත් එම සීනි තොගය ලබන සඳුදා හෝ අඟහරුවාදා වන විට නිදහස් කරගැනීමට බලාපොරොත්තු වන බවත් සතොස උසස් නිලධාරියා වැඩිදුරටත් කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here